වැලිමඩ දියබෙදුම ඇළේ බිලිඳු සිරුරක් වැලිමඩ වක්කඩහින්න දියබෙදුම ඇළේ පාවෙමින් තිබූ බිලිඳු මළ සිරුරක් අද (13) සොයා ගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පැවසීය. 13 July 2020
විහාරගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂුවක් අපවත් වෙයි මාතර රොටුඹ නාපත්ඇල්ල දික්හේන විහාරගල ආරන්ය සේනාසනයේ වැඩ සිටී ස්වාමීන් වහන්සේ අද (13) උදෑසන විහාරස්ථානයේ නාන කාමරයේ වතුර ටැංකියට වැටී අපවත් වී සිටියදී සොයා ගත් බව රොටුඹ පොලිසිය පවසයි. 13 July 2020
දියේ ගිලී දැරියන් දෙදෙනෙකු අතුරුදහන් පයාගල පොලිස් වසමේ තුඩාව ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී ඇතැයි පයාගල පොලිසිය කියයි. 13 July 2020
සබරගමු දේවාලයේ තේවාවන් මහජනයාට සීමාකෙරේ සබරගමු මහ සමන් දේවාලය ආශ්රිත ප්‍රදේශයෙන් ද කොරෝනා වයිරසය වැළඳුනු හමුදා නිලධාරියෙකු වාර්තාවීමෙන් පසු සබරගමු මහ සමන් දේවාලයේ පූජා කටයුතු මහජනයාට සීමා කළ බව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැසුවේය. 13 July 2020
මාතර නගර සබේ නාගරික මන්ත්‍රීවරු උද්ඝෝෂණයක මාතර මහ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රීවරියකට ව්‍යාපාරිකයකු විසින් බැණ තර්ජනය කර පහර දුන් බව කියන සිද්ධියකට විරෝධය පල කරමින් එම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් අද (13) දහවල් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවුහ. 13 July 2020
වසර 12ක් අ’පුර විදුලි ඉංජිනේරු නිලධාරියකු ලෙස පෙනී සිටි අයෙක් රිමාන්ඩ් අනුරාධපුර දිස්ත්‍රික් විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිලධාරියෙකු ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ ආරක්ෂික නිල ඇඳුමකින්ද සැරසී ව්‍යාජව පෙනී සිටිමින් වසර 12 කට අධික කාලයක් තිස්සේ විදුලි පාරිභෝගිකයික් රවටා විශාල මුදල් වංචාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කළ ව්‍යාජ විදුලි සේවකයෙකු ජූලි 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂානි මහත්මිය අද (13) නියෝග කළාය. 13 July 2020
මැතිවරණ නිලධාරින්ගේ රාජකාරීයට බාධා කළ දෙදෙනක් අත්අඩංගුවට මාතලේ සහකාර මැතිවරණ තේරීම්බාර නිලධාරිවරයකු ඇතුළු කණ්ඩායමකට රාජකාරියට බාධා කිරීම දේපළ පැහැර ගැනීම සොරකම් කිරීම ආදී චෝදනා යටතේ මාතලේ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ආධාරකරුවන් දෙදෙනකු අද (13) අත්අඩංගුවට ගනු ලැබීය. 13 July 2020
වෙඩි තබා බියගන්වා රන් භාණ්ඩ කොල්ලකයි කහවත්ත ඇන්දාන මාර්ගයේ යායින්න කොවිල අසළ වෙළෙඳසැලකට කඩා වැදු දෙදෙනෙකු අද(13) ගිනි අවියකින් වෙඩි තබා එම වෙළෙඳසැලේ සිටි මව සහ පුතු බියගන්වා පවුම් තිහක රන් භාණ්ඩ කොල්ලාකා පලා ගොස් තිබේ. 13 July 2020
ගිංතොට මෝයකට අසළ ගල් දෙබොක්කාවක මළ සිරුරක් ගිංතොට මෝයකට අසළ ගල්වැටියක හිරවී තිබු නාඳුනන පිරිමි අයකුගේ මළ සිරුරක් අද (13) දහවල් සොයාගත් බැව් රත්ගම පොලිසිය පවසයි. 13 July 2020
කංසා පැළ සමඟ අයෙක් අත්අඩංගුවට තලාතුඔය පොලිස් වසමට අයත් ගුරුදෙනිය ප්‍රදේශයේ දී කංසා වගාකර විකිණීමේ යෙදුණු පුද්ගලයෙකු තලාතුඔය පොලිසිය මඟින් අද (13) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. 13 July 2020
රතඹලා ඔයේ වැලි කැණීම් කළ දෙදෙනකු අත්අඩංගුවට නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ ,රස්නායකපුර රතඹලාඔයේ වැලි කැනීම් කරමින්,ට්‍රක් රථයකට පටවමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු කැනීම් උපකරණ සහ ට්‍රක්රථය ද අද (13) අත්අඩංගුවට ගත් බව රස්නායකපුර පොලීසිය පවසයි. 13 July 2020
මැතිවරණ නීති උල්ලංඝණය කළ 67 ක් අත්අඩංගුවට මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයෙකුට සහය පලකිරීම වෙනුවෙන් මැතිවරණ නීති සහ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස මැතිවරණ ප්රචාරක කටයුතු වල යෙදුණු බව කියන 67 දෙනෙකු අද (12) පොලොන්නරුව කලහගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 12 July 2020
හබරාදුවේ ආසාදිතයාගේ සමීපතමයන්ට කොරෝනා නැහැ හබරාදුව හීනටිගල ඊයෙ (11) වාර්තා වූ කොරෝනා ආසාදිතයාගේ බිරිඳ, මව ඇතුළු සමීපව ඇසුරු කළ අය16 දෙනා කෝවිඩ් ආසාදිතයන් නොවන බව තහවුරුවූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 12 July 2020
ගිරව් මුදලට විකිණීමට ළඟ තබා ගත් අයෙකු අත්අඩංගුවට ආරක්ෂිත පක්ෂීන් විශේෂයක් වන ලබු ගිරවුන් තිදෙනෙකු මුදලට විකිණීම සඳහා ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අද (12) පොලොන්නරුව කදුරුවෙල, මුස්ලිම් කොළණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු කියති. 12 July 2020
බඹරු ඇනීමෙන් සිව්දෙනෙක් රෝහලේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට සහ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසකට බඹරු ඇනීමෙන් තුවාල ලැබු සිව්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත අද(12) ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය. 12 July 2020
රජවක රක්ෂිතයට බැකෝ යන්ත්‍රයක් ඇතුළු කළ අයෙක් අත්අඩංගුවට බලන්ගොඩ රජවක රක්ෂිතයේ පාරක් කැපීම සඳහා රක්ෂිතට බැකෝ යන්ත්‍රයක් ඇතුළු කළ පුද්ගලයෙකු අද (12) දහවල් අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ අඩවි වන නිලධාරි කාර්යාලය පවසයි. 12 July 2020
බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව මත්පැන් තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (12) සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පවසයි. 12 July 2020
ලක්ෂ 80 ක් වංචා කළ අයකැමිවරියක් රිමාන්ඩ් රුපියල් ලක්ෂ 80ක මුදලක් වංචා සහගත ලෙස ලබා ගත්තේ යැයි චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් දඹුල්ල පෞද්ගලික මුල්‍ය ආයතනයක අයකැමිවරිය ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර ඉලංග බණ්ඩාර මහතා අද (12) නියෝග කළේය. 12 July 2020
අම්බලන්තොට 14ක් නිරෝධායනයට කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන කරන කඳවුරට ආ ගිය පුද්ගලයින් අතර අම්බලන්තොට ප්‍රදේශයේ පුද්ගලයින් 14 දෙනෙකු නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර සිටින බව අම්බලන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය යූ.පී මාලක මහතා කීය. 12 July 2020
අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී පුද්ගලයකු ජීවිතක්ෂයට තම ගෙවත්තේ ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී මැදිරිගිරිය, නවනගරය, ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 11 July 2020
කොරෝනා ආසාදිත අයෙකුගේ නිවැසියන් නිරෝධායන මධ්‍යස්ථානයකට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී කොරෝනා වයිරසය ආසාදනය වූ බවට වාර්තා වූ 28 හැවිරිදි පුද්ගලයෙකුගේ මම පියා ඇතුළු සිව් දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර නිවෙස් දෙකක් අද (10) දා නිරෝධායනයට ලක් කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය. 10 July 2020
මීරිගම පවුල් පහක පිරිසක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටියදී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ රැඳවියෙකු බැලීමට ගිය මීරිගම හකුරුකුඹුර ප්‍රදේශයේ පවුල් පහක පිරිසක් අද (10) රාත්‍රී කන්දකාඩු කොරෝනා නිවාරණ මධ්‍යස්ථානයට යොමු කළ බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය. 10 July 2020
බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පිරිසක් පිටව යති ගාල්ල බූස්ස නාවික හමුදා කඳවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධයන කටයුතු අවසන් කළ තවත් 16 දෙනෙක් අද (10) පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය. 10 July 2020
වේරගොඩ නිවසකින් ගිනිඅවි උණ්ඩ සමඟ දෙදෙනකු අත්අඩංගුවට වේරගොඩ ගින්නොරුව ප්‍රදේශයේ නිවසක වතුර ටැංකිය යට සහ තාප්පය අයිනේ සඟවා තිබු විවිධ වර්ගයේ ගිනි අවි හතරක් සහ ඒවායේ උණ්ඩ සමග සැකකරුවන් දෙදෙනෙකු අද (10) සවස අත්අඩංගුවට ගත් බව මිටියාගොඩ පොලිසිය පවසයි. 10 July 2020
හෙරොයින් ජාවාරමේ නිරත වූ සිව්දෙනෙක් රිමාන්ඩ් හෙරොයින් කුඩා පැකට් වශයෙන් සකස් කර තරුණයන්ට අඩු මිලට අලෙවි කළ කල්ලියක සාමාජිකයින් සිවි දෙනෙකු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සි.ඒ.සමරදිවාකර මහතා අද (10) නියම කළේය. 10 July 2020
වනඅලි පහරදීමකින් ගොවියකු මරුට පහළ අන්දරවැව ගලහිටියේදී වන අලියකුගේ පහරදීමට ලක් වූ ගොවියකු මිය ගිය බව සූරියවැව පොලිසිය පවසයි. 10 July 2020
සීනිගම දෙවොල් දේව මංගල්‍යය නොපැවැත්වේ ගාල්ල සීනිගම දෙවොල් දේව මංගල්‍යය ඇතුළත් ඇසල මහා පූජෝත්සවය මෙවර නොපැත්වීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා අද (09) පැවසීය. 09 July 2020
නිට්ටඹුවේ නිවසක ගින්නක් - සුරතල් සතුන් විශාල ප්‍රමාණයක් මරුට නිට්ටඹුව රදාවඩුන්න ප්‍රදේශයේ දෙමහල් නිවසක පහත මාලයේ අද (09) ඇති වූ ගින්නකින් එහි සිටි සුරතල් සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය පැවසීය. 09 July 2020
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල හා මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් අද (09) ආහාර වර්ජනයක යෙදෙමින් උපවාසයක නිරත වූ බව එම බන්ධනාගාරයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 09 July 2020
දුම්රියේ ගැටුණු අලි දෙන්නාට වනජීවියෙන් ප්‍රතිකාර කලාවැව විජිතපුර ප්‍රදේශයේ දී දුම්රියේ ගැටීමෙන් අනතුරට ලක්ව සිටි වල් අලි දෙදෙනෙකුට අද (09) කලාවැව ජාතික වනෝද්‍යානය තුළදී ප්‍රතිකාර කළ බව ගල්කිරියාගම වනජීවි කාර්යාලය පවසයි. 09 July 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026