(ජයන්ත නානායක්කාර)
මාතර රොටුඹ නාපත්ඇල්ල දික්හේන විහාරගල ආරන්‍ය සේනාසනයේ වැඩ සිටී ස්වාමීන් වහන්සේ අද (13) උදෑසන විහාරස්ථානයේ නාන කාමරයේ වතුර ටැංකියට වැටී අපවත් වී සිටියදී සොයා ගත් බව රොටුඹ පොලිසිය පවසයි.
උදෑසන හීල් දානය රැගෙන ගිය පුද්ගලයා දානය ලබා දීමට ස්වාමීන් වහන්සේ නොමැති බැවින් අසල්වැසියන්ට මේ බව පවසා සොයා බැලීමේදී විහාරස්ථානයේ නාන කාමරයේ වතුර ටැංකියේ ස්වාමීන් වහන්සේ වැටී අපවත් වී සිටිනු දක්නට ලැබී තිබේ.
පසුව මේ බව රොටුඹ පොලිස් ස්ථානයට දැනුම් දීමෙන් පසු පොලීසිය පැමිණ පරික්ෂණ ආරම්භ කළේය.
මෙසේ අපවත්වී ඇත්තේ විහාරගල ආරන්‍ය සේනාසනයේ සේනානධිපති 44 හැවිරිදි, පනාකඩුවේ චන්දිම නැමැති ස්වාමීන් වහන්සේය.
මෙම ස්වාමීන් වහන්සේ තනියම ආරණ්‍ය සේනාසනයේ වැඩ සිට ඇති අතර වතුර ටැංකියට වැටීමෙන් අපවත්වුවාද නැතිනම් මෙය ඝාතනයක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර රොටුඹ පොලීසිය පවසයි.්





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.