(ක.ග. කරුණාරත්න)
තම ගෙවත්තේ ඇද තිබූ අනාරක්‍ෂිත විදුලි රැහැනක පැටලී මැදිරිගිරිය, නවනගරය, ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ මැදිරිගිරිය, නවනගරය, සමගිපුර පදිංචිව සිටි 53 හැවිරිදි තිදරු පියෙකු වන ප්‍රියන්ත බණ්ඩාර නැමැත්තෙකි.
මේ පුද්ගලයා තම ගෙවත්තේ වගාකර තිබූ තිබ්බටු වගාවකට වන සතුන්ගෙන් සිදුවන හානි වළක්වාගැනීම සඳහා මෙම අනාරක්‍ෂිත විදුලි රැහැන ඇද තිබෙන බවත් තිබ්බටු කැඩීමට ගිය අවස්ථාවේ විදුලිය සැරවැදී මියගොස් සිටියදී ඔහුගේ මළ සිරුර අද(11)හමුවී තිබෙන බවත් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරිහු පැවැසූහ.
මේ මරණය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd