IMG-LOGO

වසර 12ක් අ’පුර විදුලි ඉංජිනේරු නිලධාරියකු ලෙස පෙනී සිටි අයෙක් රිමාන්ඩ්

(උපාලි ආනන්ද)
 
අනුරාධපුර දිස්ත්‍රික් විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිලධාරියෙකු ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ ආරක්ෂික නිල ඇඳුමකින්ද සැරසී ව්‍යාජව පෙනී සිටිමින්   වසර 12 කට අධික කාලයක්  තිස්සේ විදුලි පාරිභෝගිකයික් රවටා විශාල මුදල් වංචාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  නොච්චියාගම පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කළ ව්‍යාජ විදුලි සේවකයෙකු  ජූලි 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂානි මහත්මිය අද  (13)  නියෝග කළාය.
 
මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා  එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණව හමුවට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නොච්ච්යාගම පොලිසියට තවදුරටත් නියෝග කළාය.
 
රක්ෂිත බන්ධනාගාර ගතකළේ තඹුත්තේගම  වෙහෙරගල ගම්මාන 4 ලිපිනයේ  පී ජී සිසිර කුමාර නැමැත්තෙකි.
 
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නොච්චියාගම  පොලිසිය සඳහන් කළේ මෙම සැකකරු විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් විදුලිබල මණ්ඩලය මගින් සිය පාරිභෝගිකයින්ට ඉටු කර දිය යුතු සේවාවන් තමන් විසින් කර දෙන බව පවසා වසර 12 කට අධික කාලයක් අයථා ලෙස විදුලි පාරිභෝගිකයින්ගෙන් විශාල වශයෙන් වංචනිකව මුදල් උපයා ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් දැනට කර ඇති මූලික විමර්ශනවලදී අනාවරණ වූ බවය.
සැකකරු විසින් සිදු කර ඇති මූල්‍ය වංචා සිද්ධීන් 100කට අධික සංඛ්‍යවක් පිළිබඳව දැනට පමණක් තොරතුරු ලැබී ඇති බවද අධිකරණයට කියා පොලිසිය මනුවක ස්ථානය වෙනස් කර දී  මුදල් ලබා ගැනීම, වංචනිකව නව විදුලිය සම්බන්ධතා ලබා දී මුදල් ලබා ගැනීම, නියමිත පරිදි විදුලි පරිභෝජනය සටහන් වීම වැළැක්වෙන අයුරින්  මනුව සකස් කර දී මුදල් ලබා ගැනීම, ඇතැම් නිවාසවල සවිකර ඇති විදුලි මීටර් රාත්‍රි කාලයේ හොරෙන් ගලවා ගෙන ගොස් වෙනත් නිවාසවලට සවි කර දී රුපියල් 3600 සිට 7000 දක්වා විවිධ ගණන් යටතේ මුදල් ලබාගැනීම මෙම සැකකරු විසින් සිදු කර ඇති වංචනික ක්‍රියා කිහිපයක් පමණක් බවද පොලිසිය දැන්වීය. 
 
ලංකා විදුලි බල මණ්ඩලයේ නොච්චියාගම විදුලි ඉංජිනේරු සචින්ත නිමිෂ් මහතා   නොච්චියාගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා  සැකකරු අත් අඩංගුවට ගත් බවද අධිකරණයට කියා සිටි පොලිසිය සැකකරු සිදු කර ඇති මෙවැනි වංචනික ක්‍රියා විශාල සංඛ්‍යාවක් පිළිබදව ලංකා විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය සහ නොච්චියාගම පොලිසිය එක්ව විමර්ශන අරබා ඇති බවද කීය. 
සැකකරු රක්ෂිත බාරයට පත් කරන්නැයිද පොලිසිය අධිකරණයෙන් අයැද සිටියේය. මෙම සැකකරු කලක් ලංකා විදුලි බල මණ්ඩලය මගින් විදුලි රැහැන් ඇදීම සදහා කොන්ත්‍රාත් කාර්යයන් බාර දී තිබූ  පුද්ගලික කොන්ත්‍රාත් සමාගම් කිහිපයක  සේවය කර ඇති බවද අධිකරණයේදී අනාවරණ විය.
 
පැමිණිල්ල වෙනුවෙන් නොච්චියාගම පෙලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සී පී ජයතිලක යන මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් ගනක කැලුම් සෝමසිර මහතා අධිකරණයට කරුණු කී අතර  සැකකරු වෙනුවෙන් නීතිඥ බුද්ධික ලෙව්කේ බණ්ඩාර මහතා පෙනී සිටියේය.
 
ලංකා විදුලි බල මන්ඩලයේ උතුරු මැද පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ෂර්ලි කුමාර මහතාගේ උපදෙස් මත කැකිරාව විදුලි ඉංජ්නේරු ඉසුරු කස්තුරිරත්න මහතාගේ මෙහෙයවීම මත ලංකා විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන  ඒකකයේ කළමනාකරු  ඉන්දික ප්‍රනාන්දු සහ විමර්ශන  විදුලි අධිකාරි  ටී ආර් එදිරිසිංහ සහ විමර්ශන බාර නිලධාරි මිනක ප්‍රියන්ත යන මහත්වරුන් මෙම මහා පරිමාන මූල්‍ය වංචා සිද්ධිය  සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශන අරබා ඇත.



අදහස් (0)

වසර 12ක් අ’පුර විදුලි ඉංජිනේරු නිලධාරියකු ලෙස පෙනී සිටි අයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site