IMG-LOGO

දුම්රියේ ගැටුණු අලි දෙන්නාට වනජීවියෙන් ප්‍රතිකාර

(කුෂාන් ජයවරධන)       

කලාවැව විජිතපුර ප්‍රදේශයේ දී දුම්රියේ ගැටීමෙන් අනතුරට ලක්ව සිටි වල් අලි දෙදෙනෙකුට අද (09) කලාවැව ජාතික වනෝද්‍යානය තුළදී ප්‍රතිකාර කළ බව ගල්කිරියාගම වනජීවි කාර්යාලය පවසයි.

කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ කිලෝමීටර 111 2/1 කණුව ආසන්නයෙදී වල් අලි තිදෙනෙකු මෙලෙස දුම්රියේ ගැටීමෙන් අනතුරට පත්ව තිබිණ.

අනතුරට ලක් වූ වල් අලි තිදෙනා අතර කුඩා පැටවකු ද සිට ඇති බව ගල්කිරියාගම වනජීවි කාර්යාලය පවසයි.

දුම්රියේ ගැටුණු අලි පැටවා දුම්රියත් සමඟ මීටර  20 ක් පමණ දුරට ඇදී ගොස් ඇති බව වනජිවි නිලධාරිහු පැවසූහ. අනතුරට ලක්ව ඇති එම අලි පැටවා සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් වනජීවී නිලධාරීන්ට මෙතෙක් ලැබී නොමැති බවද ඔවුහු සඳහන් කළහ.

අනතුරට ලක්වූ අනෙක් අලි දෙදෙනා අනතුරින් පසු කලාවැව ජාතික වනෝද්‍යානයට පැමිණ ඇති අතර එම අලි දෙදෙනාගේ පසු පාද යුගලයේ අස්ථි මෙන්ම උකුල් ඇට බිදීම් සිදුව ඇති බව වනජීවි නිලධාරීහු පැවසූහ.

අනුරාධපුර පන්ඩුලගම වනජීවි පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුලු නිලධාරිහු පිරිසක් එම අලි දෙදෙනාට ප්‍රතිකාර කිරීමට කටයුතු කළහ.

එක් අලියෙකු කලාවැවට බැස සිටීම නිසා ඔරැ කිහිපයක ආධාරයෙන් අලියා සිටින ස්ථානයට ගොස් ප්‍රතිකාර කිරීමට සිදු වූ බවත් එම අවස්ථාවේ වනජිවි නිලධාරීන් දෙදෙනෙකු ඇතුලු තිදෙනෙකු ගමන්ගත් ඔරැවක් කලාවැවේ පෙරැළී අනතුරට ලක්වූ බවත් එම වනජීවී නිලධාරීන් දෙදෙනා ඇතුලු එහි ගමන් ගත් තිදෙනාගෙන් කිසිවකුටත් ජීවිත හානියක් සිදු නොවූ බවත් ගල්කිරියාගම වනජීවි කාර්යාලය පැවසීය.

අනෙක් අලියාට ප්‍රතිකාර කරනු ලැබූයේ කලාවැව වැව් රක්ෂිතය තුළදීය.

අනතුරට පත්වූ අලි පැටවා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වනජීවී නිලධාරීන්ට අනාවරණය වී නොමැති අතර එම අලි පැටවා සොයා විජිතපුර බීට්ටු කාර්යාලය හා ගල්කිරියාගම අඩවි කාර්යාලවල වනජීවී නිලධාරීන් මේ වනවිට විශේෂ සෝදිසි මෙහෙයුමක් ද අරම්භ කර ඇති බව ගල්කිරියාගම වනජීවි කාර්යාලය සඳහන් කළේය.



අදහස් (0)

දුම්රියේ ගැටුණු අලි දෙන්නාට වනජීවියෙන් ප්‍රතිකාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site