(ජේ.කේ.එල් චාමින්ද)
ගිංතොට මෝයකට අසළ ගල්වැටියක හිරවී තිබු නාඳුනන පිරිමි අයකුගේ මළ සිරුරක් අද (13) දහවල් සොයාගත් බැව් රත්ගම පොලිසිය පවසයි.
මෙකී පුද්ගලයා මැදිවියේ පසුවන අයෙකු බව පොලිසිය පවසයි. මළ සිරුර ගල්දෙබොක්කාවක් අතර සිරවී තිබියදී එය ප්‍රදේශවාසියෙකු දැක පොලිසියට දැනුම් දී ඇත.
මළ සිරුර රත්ගම හදිසි මරණ පරීක්ෂක සාගරිකා නිල්මිණි මහත්මියගේ නියෝගය මත අද දින කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යාමට නියමිතය.
රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.