(ක.ග.කරුණාරත්න)
මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්‍ෂකයෙකුට සහය පලකිරීම වෙනුවෙන් මැතිවරණ නීති සහ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදුණු බව කියන 67 දෙනෙකු අද (12) පොලොන්නරුව කලහගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පිරිස අතර කාන්තාවෝ වැඩි පිරිසක් සිටින බව පොලිසිය පැවසීය.
මෙම පිරිස කලහගල ප්‍රදේශයේ ගෙන් ගෙට යමින් අත් පත්‍රිකා බෙදීමේ යෙදී සිටියදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බව පොලිසිය පැවැසීය.
පොලොන්නරුව පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මැතිවරණ නීති උල්ලංඝණය කළ 67 ක් අත්අඩංගුවට
ranjith Sunday, 12 July 2020 11:40 PM
කොවිඩ් අවදානම නොතකා ජනතාව රැස් කරන අපේක්ෂකයන්ට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක නැතිනම් රට අනතුරේ