(ඩී.කේ.රත්න)
වැලිමඩ වක්කඩහින්න දියබෙදුම ඇළේ පාවෙමින් තිබූ බිලිඳු මළ සිරුරක් අද (13) සොයා ගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පැවසීය.
දිනක් පමණ වයසති බිලිඳියකගේ මළ සිරුරක් මෙසේ වැලිමඩ පොලීසිය විසින් සොයා ගෙන තිබෙන අතර මෙම ඇගේ දෙමාපියන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමත.
අඹේවෙල මීපිළිමාන සිට කැප්පෙටිපොල දක්වා ගලා එන දිය ඇලෙහි නඩත්තු කයුතුවල යෙදී සිටින සේවකයින් විසින් මෙම සිරුර දැක ඒ පිළිබඳව වැලිමඩ පොලීසිය දැනුවත් කර තිබේ.
කිසියම් පුද්ගලයෙකු විසින් මෙම බිලිඳිය ඇළට විසි කරන්නට ඇතයි වැලිමඩ පොලීසිය සැකකරයි.
වැලිමඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.