IMG-LOGO

මාතර නගර සබේ නාගරික මන්ත්‍රීවරු උද්ඝෝෂණයක

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර මහ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රීවරියකට ව්‍යාපාරිකයකු විසින් බැණ තර්ජනය කර පහර දුන් බව කියන සිද්ධියකට විරෝධය පල කරමින් එම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් අද (13) දහවල් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවුහ.

විශේෂයෙන්ම මාතර මහ නගර සභාව සතු ඉඩමක් අදාල ව්‍යාපාරිකයා විසින් අත්පත් කර ගෙන ඇති බවද ඒ ගැන නගර සභාව තුළ නිතර හඩ නගන මන්ත්‍රීවරියකට මෙම පහරදීම සිදු කර තිබෙන බවද ඔවුන් පැවසීය.

කෙසේ වෙතත් පහර කෑමට ලක්වු බව කියන නාගරික මන්ත්‍රීනී ධනංජනී උක්වත්ත ලියනගේ මහත්මිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.

ඊට සම්බන්ධ ආදාල ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මන්ත්‍රීවරු පිරිස ඉල්ලා සිටියේය.

රෝහල් ගතව සිටින නාගරික මන්ත්‍රීනී ධනංජනී උක්වත්ත මහත්මිය මෙසේ කීවාය.

“මාතර මහ නගර සභාවට අයත් ෆීනෑන්ස් ඉඩමක් අදාල ව්‍යාපාරිකයා සූක්ෂම ලෙස ඔහු නමට පවරා ගෙන අයිති කර ගෙන තිබෙනවා.මම අවස්ථා ගණනාවකදී මෙය හෙලිදරව් කලා.ඒ ගැන තරහින් සිටි ව්‍යාපාරිකයා ඔහුගේ බිරිද සමග ත්‍රීරෝද රථයකින් පැමිණ පසුගියදා මා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට කැන්වසින් යන විට පාර මැදදී බැණ තර්ජනය කර පහර දුන්නා.නීතියෙන් සාධාරණයක් මා බලාපොරොත්තු වෙනවා.”

මේ පිළිබඳව චෝදනාවට ලක්වු ව්‍යාපාරිකයා වන පියසිරි ගාල්ලගේ මහතාගෙන් විමසූ විට මෙසේ කීය.

“අදාල මන්ත්‍රීවරිය මා රජයේ දේපල අල්ලගෙන ඉන්න හොරෙකු යයි කියමින් ගම පුරා ප්‍රචාරයකරනවා.මම නීත්‍යානුකූලව තමයි ඉඩම මිලදී ගෙන තිබෙන්නේ.ඒත් අදාල මන්ත්‍රීවරිය මට අපහාස කරනවා.මටත් ආත්ම ගරුත්වයක් තිබෙනවා.ඔය අතරතුරදී ඇය අපේ ගෙදරට කැන්වසින් ආවා.මගේ බිරිද ඇයට ගෙදරට එන්න එපා කියා තල්ලු කලා. ඒ සිද්ධියට මේබොරු පැමිණිල්ල දමා තිබෙනවා.”

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර ව්‍යාපාරිකයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක ධම්මික අමරසේන මහතාට නියෝග කර ඇත.



අදහස් (0)

මාතර නගර සබේ නාගරික මන්ත්‍රීවරු උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site