හෝර්ටන්තැන්නෙන් සත්ව-ශාක කොටස් ගෙනයාමට තැත්කළ විදේශිකයන් දෙදෙනා රිමාන්ඩ් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද සතුන් හා ශාක කොටස් රැසක් රහසේ රැගෙන යාමට තැත් කරන ලද නඩුවට අදාල විදේශිකයන් දෙදෙනා ඇප කොන්දේසි සපුරා නොතිබීම හේතුවෙන් ඇප කොන්දේසි සපුරාලනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (25) නියෝග කළේය. 25 June 2020
ගමන් කරමින් තිබු ත්‍රිවීල් රථයක් ගිනි ගනී බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් ගනිමින් තිබූ ත්‍රීවිල් රථයක් අද (25) පස්වරුවේදී මීගහකිවුල අරාව පාර 16 කණූව ප්‍රදේශයේදී හිටිහැටියේම ගිනිගෙන දැවී ගොස් ඇතැයි පොලීසිය කියයි. 25 June 2020
කොට්ටාව වෙළඳසැලක ගින්නක් කොට්ටාව අතුරුගිරිය මාර්ගයේ පිහිටි සුපිරි වෙළඳසැලක අද(25) දහවල් සිදුවූ ගින්නෙන් එම වෙළෙඳ සෙලෙහි දෙමහල් ගබඩාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි. 25 June 2020
පෞද්ගලික ඉඩමක කැණීම් කළ හමුදා කපිතාන්වරයා රිමාන්ඩ් ඇල්පිටිය පොලිස් වසමට අයත් 11කණුව බදුගොඩවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක කැණීම් කරමින් සිටියදී ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුද හමුදා කපිතාන්වරයා ජුනි මඩ 30 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා නියෝග කර තිබේ. 25 June 2020
තේක්ක ගසකින් වැටී අයෙක් මරුට තේක්ක ගසක අතු කපමින් සිටියදී ඉන් ඇද වැටී රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු අද (25) උදෑසන මියගොස් ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 25 June 2020
රිය අනතුරින් කොස්තාපල් මරුට බුත්තල වැල්ලවාය මාර්ගයේ පැල්වත්ත හංදිය ප්‍රදේශයේදි මොණරාගල මැතිවරණ කාර්යාලයට අයත් කැබ් රථයක් අද (25) මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක ගැටිමෙන් යතුරු පැදියේ ගමන්ගත් රාජකාරියේ නියුතු පොලිස් නිළධාරියකු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරිමෙන් පසු මියගොස් ඇත. 25 June 2020
තාප්ප වල මනාප අංක අඳිමින් සිටි 9 ක් අත්අඩංගුවට මාර්ග දෙපස තාප්පවල තීන්ත වලින් මැතිවරණයට අදාළ මනාප අංක අඳිමින් සිටි බව කියන නවදෙනෙකු අද (24) අත්අඩංගුවට ගත් බව ඌවපරණගම පොලිසිය කියයි. 24 June 2020
රැඳවියෙක්ට හෙරොයින් ලබා දීමට ගිය බන්ධනාගාර නියාමකගේ සේවය අත්හිටුවයි බන්ධනාගාර රැඳවියෙකුට හෙරොයින් ලබාදිමට අනුබලදුන් බව කියන බුස්ස බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයෙකුගේ සේවය අද(24)සිට ක්‍රියාත්මක වන පරිදි වහාම අත් හිටුවා තිබේ. 24 June 2020
මැතිවරණ පොස්ටර් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට හල්දුම්මුල්ල නගරයෙ මැතිවරණ ප්රචාරක පෝස්ටර් අලවමින් සිටි බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අද (24 )සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 24 June 2020
හෙරොයින් සමඟ රෝහල් උපස්ථාදායකවරයෙක්-තැපැල් සේවකයෙක් අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු ළඟ තබාගෙන සිටි බව කියන රෝහල් උපස්ථායකයෙකු සහ ආදේශක තැපැල් සේවකයෙකු අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි. 24 June 2020
දොම්පේ ප්‍ර.සභාපති-මන්ත්‍රීවරයකු අල්ලසක් ගත්තැයි කියන සිද්ධියේ නඩුව කැඳවීමට දිනයක් කළුගල් කැඩීමේ බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් ලක්ෂ 06 ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට දොම්පේ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට සහ මන්ත්‍රීවරයකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 24 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි අද (24) නියම කළේය. 24 June 2020
හොරායින් ළඟ තබාගත් කාන්තාවකට මාස හයක් සිර දඩුවමක් හෙරොයින් ග්‍රෑම් 01ට අඩු ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට වරදකාරිය වු විත්තිකාරියට බරපතළ වැඩ ඇතිව වසර 06 ක සිරදඬුවමක් ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවිර මහතා අද (24)නියම කලේය . 24 June 2020
කොටපොල ප්‍රා සභාපතිට මරණ තර්ජන ඇතැයි පැමිණිල්ලක් කොටපොල ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතාට මරණ තර්ජනය කළ දුරකථන ඇමතුම් රැසක් ලැබී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි දෙනියාය පොලිසිය කියයි . 24 June 2020
ගංජා ගස් 45ක් සමඟ අයෙක් අත්අඩංගුවට මීගහකිවුල ආරාව පාර ප්‍රදේශයේ හේන් යායක ඉතා රහසිගත අන්දමින් වගා කර තිබූ ගංජා වගාවක් වටලා වැඩුණු ගංජා ගස් 45ක් සැකකරුවෙකු ද සමඟ අද (24) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 24 June 2020
පුරා වස්තු සෙවීමට කැණීම් කළ යුද හමුදා කපිතාන්වරයෙක් අත්අඩංගුවට ඇල්පිටිය 11 කණුව බහුගොඩවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පුරා වස්තු සෙවීම සඳහා කැණීම් කරමින් සිටි 30 හැවිරිදි යුද හමුදා කපිතාන්වරයෙකු අද (23) අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි. 23 June 2020
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ධූරය රංජනී හෙට්ටිආරච්චිට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධූරය සඳහා එහි අතිරේක අධ්යක්ෂ ජනරාල් (පශූ පර්යේෂන) වෛද්‍ය රංජනී හෙට්ටිආරච්චි මහත්මිය පත්කර ඇත. 23 June 2020
බීමත්ව රිය ධාවනය කළ 18 කට දඩ ගනේමුල්ල සහ විරගුල යන පොලිස් වසම් තුළ බීමත්ව රිය ධාවනය කිරිමේ චෝදනාවන්ට වරද පිළිගත් රියදුරන් 18 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 25,000 ක් බැගින් රුපියල් 450,000ක දඩයක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර් .එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (23) නියම කළේය. 23 June 2020
යතුරු පැදියක් බස් රථයක ගැටී පුද්ගලයෙක් මරුට ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිංතොට පුංචි පල්ලිය අසලදී අද (23) සවස තරුණයින් දෙදෙනෙකු ගමන්ගත් යතුරු පැදියක් බස් රථයක ගැටී යතුරු පැදියේ ගමන් ගත් එක් අයෙකු එම ස්ථානයේම මියගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසයි. 23 June 2020
බඹරු ඇනීමෙන් කාන්තාවන් 6 ක් රෝහලේ නල්ලතන්නිය, මරේ තේ වතුයායේ, වලදල කොටසේ තේ දළු නෙළුමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (23) පස්වරුවේ එල්ල වූ බඹර ඇනීමෙන් හේතුවෙන් කාන්තාවන් 6 දෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 23 June 2020
දිවංගත ජනපති ප්‍රේමදාසගේ පිළිරුවට පුෂ්පෝපහාර දිවංගත හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 96වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඒ මහතාගේ උපන්ගම වන කොස්ගොඩ පිහිටි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවක් අද (23 ) පැවැත්විණි. 23 June 2020
විදුලි සැර වද්දවා අලියකු මැරූ අයකුට දස වසරක අත්හිටවූ සිරදඬුවමක් නිකවැරටිය, මොන්නෑකුලම දී විදුලිය සැර වද්දවා අලියෙකු මැරූ අයෙකුට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් සහ වසර 10කට අත්හිටුවන ලද බරපතල වැඩ සහිත මාස හයක සිර දඬුවමක් අද (23) නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය නියම කළාය. 23 June 2020
බදුල්ල නඩුකාර කන්දේ ගින්නක් බදුල්ල නඩුකාර කන්දේ අද (23) දහවල් හටගත් ගින්නක් මේවනවිට ව්‍යාප්ත වෙමින් තිබේ. 23 June 2020
පුත්තලම කලපුවේ කඩොලාන විනාශවීම ගැන සෙවීමට පරීක්ෂණ පුත්තලම - කල්පිටිය ප්‍රධාන මාර්ගයේ පාලවිය කළපුවේ කඩොලාන ශාඛ විශාල ප්‍රමාණයක් දිරාපත්වී විනාශ වීම සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම දිසා වන කාර්යාලය කියයි. 23 June 2020
උතුරු මැද බස්නැවතුම්පොළවල් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට උතුරු මැද පළාතේ ප්‍රවාහන අධිකාරියට මෙතෙක් පවරා නොමැති සියලු බස් නැවතුම් පොළවල් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට පවරා ගනිමින්, රියදුරන්ට සහ මගී ජනතාවට සුදුසු ස්ථාන ලෙස ඒවා අලුත්වැඩියා කිරීමට විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව උතුරුමැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති නිලන්ත ඒකනායක මහතා අද(23) පැවසීය. 23 June 2020
බදුල්ල නඩුකාරකන්දේ ගින්නක් බදුල්ල නඩුකාර කන්දේ අද (23) දහවල් ඇතිවූ ගින්නක් ව්‍යාප්ත වෙමින් තිබේ . 23 June 2020
අංගම්පොර සටන් තහනම ඉවත් කරන්න යයි යටත්විජිත සමයේ ඉංග්රිසින් විසින් දේශීය සටන් කලාවක් වූ අංගම්පොර සටන් කලාවට දැමූ තහංචි ඉවත්කරමින් සබරගමු පළාතේ පාසල් දරුවන්, තරුණ පරපුර ඇතුළු පිරිසට ඉගෙන ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ප්‍රකාශ කරයි. 23 June 2020
ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව බෙහෙත් කොටන ගිනි අවි දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (22) වත්තහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව යක්කලමුල්ල පොලිසිය පවසයි. 22 June 2020
මිනුවන්ගොඩ නිවසකින් රිපීටර් වර්ගයේ ගිනි අවියක් සොයාගනී මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස සඟවා තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවියක් මිනුවන්ගොඩ පොලිසිය මගින් අද (22) සවස අත්අඩංගුවට ගෙන තිබේ. 22 June 2020
මාදම්පේ ඇගළුම් ආයතනයක සේවකයින් පිරිසක් විරෝධතාවක මාදම්පේ ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන පෞද්ගලික ඇගළුම් ආයතනයක වැටුප් නොගෙවීයැයි කියමින් එහි සේවකයෝ පිරිසක් අද ( 22 ) හලාවත සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ. 22 June 2020
ඇඳිරි නීතිය කඩකළ 50කට නඩු ඇඳිරි නීතිය කඩකරමින් මහා මාර්ගයේ ගමන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහරින ලද විත්තිකරුවන් සහ විත්තිකාරියන් 50 දෙනෙකුට විරුද්ධව කටුනායක සහ කොටදෙනියාව යන පොලිස් ස්ථාන මගින් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද(22)නඩු පවරා තිබුණි. 22 June 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025