IMG-LOGO

කොට්ටාව වෙළඳසැලක ගින්නක්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොට්ටාව අතුරුගිරිය  මාර්ගයේ  පිහිටි සුපිරි වෙළඳසැලක අද(25) දහවල්  සිදුවූ ගින්නෙන් එම වෙළෙඳ  සෙලෙහි දෙමහල් ගබඩාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.

ගින්න වන අවස්ථාවේ දී  වෙළඳසැල තුළ 50 කට අධික පිරිසක් සිට ඇති අතර ඉන් කිසිවකුටත්  හානි සිදුව නොමැති බවද පොලිසිය කියයි.

වෙළඳ සැලෙහි දෙමහල් ගබඩාවේ මෙම ගින්න හටගෙන ඇති අතර එහි සේවිකාවක  මේ බව  දැක  ,    කෑ ගසා  පැවසීමෙන් පසුව එහි කළමනාකරු ගින්න පිළිබඳ  කොට්ටාව පොලිස් ස්ථානයට දන්වා ඇතැයි පැවසේ.

පසුව කොට්ටාව පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක සිසිර කුමාර මහතා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සංජය සෝමරත්න මහතා ඇතුළු නිලධාරීන් එම ස්ථානයට පැමිණ වහාම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ ගිනි නිවිම්  අංශයට දැනුම් දී ඇතැයි පැවසේ.

පසුව කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවන රථ 4 ක් සහ එහි ස්ථානාධිපති ලියනගේ මහතා ඇතුළු නිලධාරීන් විසිපස් දෙනකු පමණ එම ස්ථානයට පැමිණ පැය තුනක පමණ කාලයක් දැඩි පරිශ්‍රමයක් යොදා ගින්න පාලනය කළ බව පොලිසිය කියයි.

ඒ වන විටත් වෙළඳසැලේ  දෙමහල් ගබඩා සංකීර්ණය  ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබිණි.

ඒ වන විට වෙළඳසැලෙහි විදුලිය විසන්ධි වී තිබීම නිසා ගිනි නිවන  සේවකයින්ට ගින්න නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් යෙදීමට සිදුවිය.

වෙළඳසැලට යාබදව ඉන්ධන පිරවුම් හලක් සහ දුම් පරීක්ෂා කරන ස්ථානයක් ද පිහිටා ඇති අතර එම ස්ථානවලට ද ගින්න පැතිර ගියේ නම් මහත් විනාශයක් සිදු වීමට ඉඩ තිබූ බව පොලීසිය පවසයි.

ගින්නෙන් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

කොට්ටාව පොලිසිය වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සංජය සෝමරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක චමින්ද ,පොලිස් පරීක්ෂක ආනන්ද , ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

කොට්ටාව වෙළඳසැලක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site