(ඩී.ජි.සුගතපාල)
ඇල්පිටිය 11 කණුව බහුගොඩවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පුරා වස්තු සෙවීම සඳහා කැණීම් කරමින් සිටි 30 හැවිරිදි යුද හමුදා කපිතාන්වරයෙකු අද (23) අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානය වටලන ලද අවස්ථාවේ එහි සිටි අනෙකුත් පිරිස පලාගොස් ඇත.
සැකකාර කපිතාන්වරයා සමඟ එම ස්ථානයේ තිබූ කුළුගෙඩි,වතුර මෝටර්,ගල් විදින කටු,යකඩ ඉනිමං,අලවංගු,ආදියද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගේ නිවසද ඒ ආසන්නයේ පිහිටා ඇති අතර කැණිම් කරන ලද ස්ථානය කඳු සහිත කලුගල්වලින් යුත් භුමියකි. සැකකාර කපිතාන්වරයා පවසා ඇත්තේ ජලය ලබා ගැනීම සඳහා ලිඳක් කැපීම කළ බවය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වන බව ඇල්පිටිය පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd