IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උතුරු මැද බස්නැවතුම්පොළවල් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට

(නිමල් ජයරත්න)
 
උතුරු මැද පළාතේ ප්‍රවාහන අධිකාරියට මෙතෙක් පවරා නොමැති සියලු බස් නැවතුම් පොළවල් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට පවරා ගනිමින්, රියදුරන්ට සහ මගී ජනතාවට සුදුසු ස්ථාන ලෙස ඒවා අලුත්වැඩියා කිරීමට විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව උතුරුමැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති නිලන්ත ඒකනායක මහතා අද(23)  පැවසීය.
 
අබලන්ව පවතින අරලගංවිල ප්‍රධාන බස් නැවතුම් පොළ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් සහ එහි අලුත්වැඩියා කටයුතු ආරම්භ කරමින් නිලන්ත ඒකනායක මහතා ඒ බව සඳහන් කළේය.
 
හිගුරක්ගොඩෙ, මින්නේරිය, මැදිරිගිරිය, අරලගංවිල, සිරිපුර යන නගර වල ඉදිකර ඇති බස් නැවතුම් පොළවල් සහ වැසිකිලි පද්ධති රියදුරන්ට මෙන්ම මගී ජනතාවට නුසුදුසු අයුරින් ඉදිකර ඇති නිසා එම ස්ථාන තම ප්‍රවාහන අධිකාරියට වහාම පවරා දීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් කටයුතු කර ඇතැයිද, එබැවින් එම සියලු බස් නැවතුම් පොළවල් අලුත්වැඩියා කිරීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බවච ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.
 
ඒ අනුව අරලගංවිල ප්‍රධාන බස් නැවතුම්පොළ සහ ඒ පරිශ්‍රය අලුත්වැඩියා කරමින් ඉතා කඩිනමින් විධිමත් බස් නැවතුම්පොළක් බවට පත් කරන බවත් සුදු අලියෙක් බවට පත්ව ඇති කෝටි ගාණක් වැයකර සිරිපුර නගරයේ ඉදිකර තිබෙන බස් නැවතුම් පොළද නවීකරණය කරන බවද ඒකනායක මහතා කීය.



අදහස් (0)

උතුරු මැද බස්නැවතුම්පොළවල් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site