(ජේ.කේ.එල්. චාමින්ද)
බලපත්‍රයක් නොමැතිව බෙහෙත් කොටන ගිනි අවි දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (22) වත්තහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 39 හා 34 යන වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.
තේ දළු ගොඩගසනු ලබන මඩුවක වහලයේ තිබි එක් ගිනි අවියක් සොයාගෙන ඇති අතර තවත් ගිනි අවියක් දර මඩුවක තිබි සොයාගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සතුන් දඩයම් කිරීම සඳහා මෙම ගිනි අවි භාවිතා කර ඇතිබව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd