(එච්. චන්දන)
පුත්තලම - කල්පිටිය ප්‍රධාන මාර්ගයේ පාලවිය කළපුවේ කඩොලාන ශාඛ විශාල ප්‍රමාණයක් දිරාපත්වී විනාශ වීම සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම දිසා වන කාර්යාලය කියයි.
ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ දැනට සති කිහිපයක සිට මෙම විශාල කඩොලාන ගස් ගණනාවක් වර්ණය වෙනස්වී මිය යන ආකාරයක් දක්නට ලැබුණු බවය.
පුත්තලම කල්පිටිය ප්‍රධාන මාර්ගය දෙපස විශාල ලෙස කඩොලාන ශාඛ දක්නට ලැබේ. ඒ තුලින් පුත්තලම කළපුවට සුන්දරත්වයක් හා විශාල පරිසර ආකර්ශනයක් ගෙන දෙයි. මෙම කඩොලාන ශාඛ මිය යාමෙන් එම තත්ත්වය වෙනස් වී ඇති අයුරු දක්නට ලැබේ.
කිසියම් අයකු විස ද්‍රව්‍යයක් මෙම ශාඛවලට ගසා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවර්ණය වී ඇති බවත්, මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන බවත් පුත්තලම දිසා වන නිලධාරී භාරත දිසානායක මහතා සඳහන් කරයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පුත්තලම කලපුවේ කඩොලාන විනාශවීම ගැන සෙවීමට පරීක්ෂණ