නිශාන්ත කුමාර
මීගහකිවුල ආරාව පාර ප්‍රදේශයේ හේන් යායක ඉතා රහසිගත අන්දමින් වගා කර තිබූ ගංජා වගාවක් වටලා වැඩුණු ගංජා ගස් 45ක් සැකකරුවෙකු ද සමඟ අද (24) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය මීගහකිවුල අරාව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයෙකි.
පොලිසිය ලද තොරතුරක් මත කන්දකැටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී සැකකරුවන් සමඟ ගංජා වගාව අත්අඩංගුවට ගැනීමට හැකි විය.
සැකකරු අද (24) දින බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීම්ට නියමිතය.
කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd