(ඩී.ජි.සුගතපාල)
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිංතොට පුංචි පල්ලිය අසලදී අද (23) සවස තරුණයින් දෙදෙනෙකු ගමන්ගත් යතුරු පැදියක් බස් රථයක ගැටී යතුරු පැදියේ ගමන් ගත් එක් අයෙකු එම ස්ථානයේම මියගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ අනෙක් තරුණයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කීය.
සිද්ධියෙන් එම ස්ථානයේම මියගොස් ඇත්තේ බූස්ස කැකිල්ලමණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
තරුණයින් ගමන්ගත් යතුරු පැදිය ගිංතොට පුංචි පල්ලිය අසලදී ට්‍රක් රථයකට ඉස්සර කිරීමට යාමේදී අලුත්වල සිට ගාල්ල බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කීය.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා අත් අඩංගුවට ගෙන ඇති අතර ගාල්ල පොලිසියේ රථ වාහන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd