තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයකු රෝහලේ ඉංගිරිය නගරයේ දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දී පලා ගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි. 22 June 2020
ගෝන මස් ළඟ තබා ගත් පුද්ගලයකුට දඩ දැඩි ආරක්ෂිත සතෙකු වන ගෝනෙකුගේ මස් කිලෝ එකක් ශීතකරණයක ගබඩාකර සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර චෝදනාවට වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 30,000ක දඩයක් ගෙවන ලෙසට දෙහිඅත්තකණ්ඩිය දිසා විනිසුරු,මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද (22) නියෝග කළාය. 22 June 2020
රත්නපුර තැපැල් ඡන්දයට 31638 ක් සුදුසුකම් ලබති මෙවර මහමැතිවරණය සඳහා රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද දායකයන් 31,638 ක් සිය තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළාය 22 June 2020
අනවසරයෙන් වැලි ගොඩ දැමූ පිරිසක් ට්රැක්ටර්ද සමඟ පොලිස් බාරයට පොළොන්නරුව වැලිකන්ද බෝවත්ත මොත්තරම ප්‍රදේශයෙන් වැලි ගොඩ දමා ප්‍රවාහනය කරමින් සිටි ට්‍රැක්ටර් හතරක් සහ පුද්ගලයන් පිරිසක් අද (22 ) අල්ලාගෙන වැලිකන්ද පොලිසියට භාර දිමට අද දහවල් බෝවත්ත ගොවි සංවිධාන නියෝජිතවරුන් පිරිසක් කටයුතු කර තිබූ බව පොලීසිය කියයි. 22 June 2020
වීරකැටිය ප්‍රා. සභා සභාපති පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය පාති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරෝධය පළ කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් සභා ගැබෙන් එළියට පැමිණීමත් සමගම අද (22) පැවති සභාවාරය කල් තැබීමට සභාපතිවරයාට සිදු විය . 22 June 2020
බඹරු ඇනීමෙන් වතු කම්කරු කාන්තාවන් 5දෙනෙකු රෝහලේ ආගරපතන, ග්ලාස්ගෝ වත්තේ සේවය කරන වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු බඹරු ඇනීමෙන් තුවාල ලබා අද (22) ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. 22 June 2020
බීමත් රියදුරන් 10දෙනෙකුට දඩ බීමත්ව රිය ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් රියදුරුන් 10 දෙනෙකුට රුපියල් 250,000 ක දඩයක් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර.සී.ඒ.සමරදිවාකර මහතා අද(22)නියම කළේය. 22 June 2020
‘තේ වගාව සඳහා පස පුනරුත්ථාපනය කිරීමට නව මානා වර්ගයක්‘ පහතරට තෙත් කලාපයේ නැවත තේ වගා කිරීමේ දී වසරක කාලයක් තුළ පස පුනරුත්ථාපනය වන වැඩි දියුණුකළ සී ඕ 3 හෙවත් දොළොස් මහේ මානා නම් තෘණ වර්ගය හඳුන්වා දීම තුළින් තේ ගොවීන්ට අඩුකාලයක් තුළ නැවත වගාවෙන් ආදායම් ලැබිය හැකි බව පහතරට තේ පර්යේෂණායතනයේ ප්‍රධානී සහ ප්‍රධාන තේ පර්යේෂණ නිලධාරී ආචාර්ය එම්. ඒ විජේරත්න මහතා අවධාරණය කරයි. 22 June 2020
දිනක් වයසැති බිළිඳිය වතුර ටැංකියක් අසල දමා යයි දිනක් වයසැති බිලිඳියක් මිරිජ්ජවිල කපුවත්ත වතුර ටැංකිය අසල දමා ගොස් තිබියදී අද (22) උදෑසන හමු වූ බව අම්බලන්තොට පොලිසිය පවසයි. 22 June 2020
කටුගස්තොට-කුරුණෑගල මාර්ගයේ සිරුරක් කටුගස්තොට-කුරුණෑගල මාර්ගයේ අලදෙණිය නගරයට ආසන්නව මාර්ගය අයිනේ බරපතල තුවාල සහිතව මිය ගොස් සිටි නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් කටුගස්තොට පොලීසියේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ. 22 June 2020
කුකුළු මස් සඳහා පාලන මිලක් ඉල්ලා උද්ඝෝෂණයක් කුකුළු මස් සදහා සාධාරණ පාලන මිලක් ඉල්ලා ගාල්ල නගරයේ කුකුල් මස් අලෙවිසැල් හිමිකරුවෝ සහ එහි සේවකයෝ අද (22) උදෑසන විරෝධතාවක නිරත වූහ. 22 June 2020
දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට -දෙදෙනෙක් රෝහලේ කැපුන්ගොඩ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල ලත් වෛද්‍යවරයකු ඇතුලු තිදෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මරණයට පත්ව ඇතැයි දුන්ගාල්පිටිය පොලිසිය කියයි. 22 June 2020
බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට නාකියාදෙණිය වත්තහේන ප්‍රදේශයේදී බෙහෙත්කොටන තුවක්කුවක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි. 22 June 2020
පුත්තලමේදී යතුරුපැදි අනතුරකින් සෙබළකු මරුට පුත්තලම - කුරුණෑගල මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් යුද හමුදා සෙබළෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ආණමඩුව පොලීසිය කියයි. 22 June 2020
මසුන් අල්ලන්න ගිය අයකු ඔරුව පෙරැළී මරුට හම්බන්තොට පතලයාගම වැවේ මසුන් අල්ලමින් සිටි අයෙකු ඔරුව පෙරැළී වැවට වැටී දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි. 22 June 2020
අත්බෝම්බයක් සමඟ අයෙක් අම්බලන්ගොඩදී අත්අඩංගුවට අම්බලන්ගොඩ ගලගොඩ වැලිපොළ අසළදී විදේශීය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් සමග සැකකරුවෙකු ඇල්පිටිය කොට්ඨාස නොවිසඳුන අපරාධ ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ. 22 June 2020
ගණිකා මඩමක් වටලා කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගාල්ල පහල ඩික්සන් ප්‍රදේශයේ කාමර කුලියට දෙන ස්ථානයක පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා ගණිකා වෘත්තියේ යෙදිසිටි කාන්තාවක් සහ එම හෝටලයේ කළමණාකරු හා සේවකයකු රාත්‍රි අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි. 22 June 2020
තේ කම්හල් ගණනාවක් බිඳ මුදල් සොරකම් රැසක් කළ අයෙක් අත්අඩංගුවට දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි තේ කර්මාන්ත ශාලා බිඳ රුපියල් ලක්ෂ ගණනාවක මුදල් සොරකම් කරණ ලද පුද්ගලයෙක් අද (21) උඩුගම පොලිස් වසමේ තුම්මෝදර, තලංගල්ලේදී අත් අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය කියයි. 21 June 2020
සිරකරුවෙකුට ජංගම දුරකතනයක් දුන් මාතර බන්ධනාගාර නියාමකගේ වැඩ තහනම් මාතර බන්ධනාගාරයේ විශේෂ සැකකරුවන් රඳවා සිටින වාට්ටුවේ සැකකරුවෙකු ලඟ තිබි ජංගම දුරකතනයක් සහ චාජරයක් සොයා ගැනිමෙන් පසු එය බන්ධනාගාරය තුලට ගෙනැවිත් දුන් බව කියන බන්ධනාගාර නියාමකවරයෙකු අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි වහාම වැඩ තහනමට ලක් කල බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 21 June 2020
යතුරුපැදි අනතුරින් 17 හැවිරිදි දරුවකු මරුට පිළියන්දල මොරටු පාර සුවාරපොළ ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් 17 හැවිරිදි පිරිමි දරුවකු අද (21) මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි . 21 June 2020
බස්රථයකට යට වීමේන් 73 හැවිරිදි කාන්තාවක් මරුට බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළේ දී පෞද්ගලික බස්රථයකට යට වීමේන් වයස අවුරුදු 73 ක කාන්තාවක් අද (21) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 21 June 2020
උඩවලව ඇත් අතුරු සෙවණ හෙට සිට විවෘත කරයි කොරොනා වසංගත තත්ත්වය නිසා මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබුණු උඩවලව ඇත් අතුරු සෙවණ සංචාරකයින් සදහා (හෙට ) 22 වනදා සිට විවෘත කිරිමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ . 21 June 2020
මී උණ රෝගයෙන් අපුරේ පහක් ජීවිතක්ෂයට මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවියන් පස් දෙනෙකු මී උණ රෝගයෙන් මිය ගොස් ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සෙෘඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි. 21 June 2020
දකුණේ පළාත් පාලන ආයතනවලට විරුද්ධව ලැබී ඇති පැමිණිලි විමර්ශනයට දකුණු පළාතේ පළාත් පාලන ආයතන දෙකකට විරුද්ධව ලැබි ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි. 21 June 2020
මුහුදේ සඟවා තිබූ තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට වලෙයි තොට්ටම් මුහුදු තීරයේදී මුහුදු පතුලේ සඟවා තිබූ තහනම් දැල් තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන ඇත. 21 June 2020
පිහි පහර කෑ අඹු සැමි යුවළ රෝහලේ නාකුළුගමුව සීනිමෝදර ප්‍රදේශයේ නිවසකට පැමිණි බිමත් පුද්ගලයින් දෙදෙනෙකු පිහියකින් පහරදි නිවෙස් හිමියාගේ වම්අත කපා ඔහුගේ බිරිඳගේ තුනටිය ප්‍රදේශයද කපා බර පතල තුවාල සිදුකර ඇතැයි තංගල්ල පොලිසිය පවසයි. 21 June 2020
සබරගමු සරසවිය ආසන්නයේ රක්ෂිතයක ගින්නක් බෙලිහුල්ඔය සබරගමු විශ්වවිද්‍යාලය ආසන්නයේ ඇති රක්ෂිතයක අද (21) ගින්නක් හට ගෙන ඇති බව සමනල වැව පොලිසිය පැවැසීය. 21 June 2020
හපුතලේ එඩිෂන් ආශ්රිත රජයේ වන වගාවක ගින්නක් හපුතලේ එඩිෂන් ආශ්රිත රජයේ වන වගාවක අද (20) රාත්‍රියේ පැතිර යන විශාල ගින්නක් නිවීම සඳහා දියතලාව යුද හමුදාව කැදවූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවසීය. 20 June 2020
මෙහෙයුමකදී පුද්ගලයන් 16 දෙදෙනකු අත්අඩංගුවට බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශිය තුල අද (20) දා රාත්‍රියේ කල මෙහෙයුමකදී විවිධ වරදවල් වලට සමිබන්ද සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. 20 June 2020
බණ්ඩාරවෙල දික්අරාව රක්ෂිතයේ ගින්නක් බණ්ඩාරවෙල දික්අරාව අලුත්ගම කදුවැටියේ අද (20) දහවල් ඇතිවූ හදිසි ගින්නකින් එම කදුවැටියේ රක්ෂිත ප්‍රදේශයේ අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතයි පොලීසිය කියයි. 20 June 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025