IMG-LOGO

රත්නපුර තැපැල් ඡන්දයට 31638 ක් සුදුසුකම් ලබති

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
 
මෙවර  මහමැතිවරණය සඳහා රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද දායකයන් 31,638 ක්  සිය තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම්  මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළාය.
 
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ තේරීම්භාර නිලධාරීතුමිය සඳහන් කළේ අඩුපාඩු සහිත තැපැල් ඡන්ද අයැදුම්පත් 1533 ක් ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බවත්ය.
 
රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රදේශ 08 ක් පවති. ඇහැළියගොඩ 3821,රත්නපුර 5401,පැල්මඩුල්ල 2453,බළංගොඩ 4800,රක්වාන 3992,නිවිතිගල 2928,කලවාන 2173,කොළොන්න 6070,වශයෙන් තැපැල් ඡන්ද දායකයින් 31,638 මෙවර තැපැල් ඡන්දය භාවිතා කිරිමට රත්නපුර දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලබා සිටිති.
   
එමෙන්ම 2019.11.16 දින පැවති ජනාධිපතිවරණය සඳහා, 2018 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා තැපැල් ඡන්ද දායකයන් 29,715 දෙනෙකු සුදුසුකම් ලබා තිබිණි.
 
එය මෙවර 31,638 කි. ඒ අනුව 2020.08.05 වන දින පැවැත්වීමට නියමිත මහමැතිවරණය සඳහා උපයෝගී කර ගනු ලබන 2019 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව තැපැල් ඡන්ද දායකයින් 1923 ක් මෙවර වැඩි වී ඇත.
 



අදහස් (0)

රත්නපුර තැපැල් ඡන්දයට 31638 ක් සුදුසුකම් ලබති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1014 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site