IMG-LOGO

කටුගස්තොට-කුරුණෑගල මාර්ගයේ සිරුරක්

(මොහොමඩ්  ආසික්)

කටුගස්තොට-කුරුණෑගල මාර්ගයේ අලදෙණිය  නගරයට  ආසන්නව මාර්ගය අයිනේ බරපතල  තුවාල සහිතව මිය ගොස් සිටි නාඳුනන පුද්ගලයෙකුගේ  මළ සිරුරක්  කටුගස්තොට පොලීසියේ  නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ.

පොලිසියට  ලැබුණු තොරතුරක් අනුව මෙම මෘත ශරීරය  සොයා ගෙන ඇත.

එම මෘත ශරීරයේ  හිස පෙදෙසේ බරපතල  තුවාල දක්නට ලැබෙන බව පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස්  ඇති පුද්ගලයා 50 – 55 ත් අතර  වයසක පසුවන්නෙකුගේ පෙනුමැති  අයෙකු බවත්  නිල් පැහැති  කොට කලිසමක්  හැඳ  සිට  ඇති  බවත් පොලීසිය කියයි.

මෘත ශරීරය මේ වන විට මහනුවර  ජාතික රෝහලේ  මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මෙම මරණය රිය  අනතුරකින් වූ මරණයක්ද  නැතහොත්  ඝාතනයක්ද එසේත් නැත්නම් වෙනත් අනතුරක්ද යන්න පිළිබඳව  පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම පුද්ගලයා  හඳුනන අය වෙත්නම් කටුගස්තොට පොලිසියට ඉදිරිපත් වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

කටුගස්තොට-කුරුණෑගල මාර්ගයේ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1014 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site