( අමිල මධුශංක)
කුකුළු මස් සදහා සාධාරණ පාලන මිලක් ඉල්ලා ගාල්ල නගරයේ කුකුල් මස් අලෙවිසැල් හිමිකරුවෝ සහ එහි සේවකයෝ අද (22) උදෑසන විරෝධතාවක නිරත වූහ.
ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට ලැබෙන කුකුල් මස් වල මිල සාධාරණ මිලකට අඩු කර දෙනවා නම් ඔවුන්ටද පාලන මිලට අනුව පාරිභෝගිකයින්ට කුකුල් මස් අලෙවි කළ හැකි බවයි.
ඔවුහු කළු කොඩි දමමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරතවුණා.
මේ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මේ සඳහා හෙට දිනයේ සාධාරණ විසදුමක් ලබාදෙන බවට ඔවුන්ට පොරොන්දු වූයේය.
නමුත් මන්ත්‍රිවරයා ගිය පසුවද මෙම විරෝධතාවය පැවති අතර මේ සඳහා මේ නිසා සරේන්තුකඩේ මංසන්ධිය සහ තනිපොල්ගහ මංසන්ධියේ රථ වාහන ධාවනය තරමක් දුරට අවහිර වී තිබුණි.
ගිංතොට සිට වැලිගම දක්වා සියලුම කුකුල් මස් අලෙවි සැල් සිය ව්‍යාපාර කටයුතු නවත්වා අලෙවි සැල් වසා දමා මෙම විරෝධතාවයට සහයෝගය දක්වන බවත් එහ හිමිකරුවෝ පවසති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කුකුළු මස් සඳහා පාලන මිලක් ඉල්ලා උද්ඝෝෂණයක්