(ඩී.ජී.සුගතපාල)
දකුණු පළාතේ පළාත් පාලන ආයතන දෙකකට විරුද්ධව ලැබි ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශිය සභාව සහ ගාල්ල දිස්තික්කයේ බද්දේගම ප්‍රාදේශිය සභාව සම්බන්ධයෙන් එසේ විමර්ශන ආරම්භ කර ඇති අතර ඉමදුව ප්‍රාදේශිය සභාව සම්බන්ධයෙන් ලැබි ඇති පැමිණිලි පිළිබඳව ඉදිරියේදි විමර්ශණ ආරම්භ කිරිමට නියමිතය.
කොරෝනා වසංගත තත්වය නිසා ඇඳිරි නිතිය පනවා තිබු දිනවල මහජනතාවට භාණ්ඩ බෙදිමේදි මුදල් අවභාවිතය කිරිම ,එම භාණ්ඩ නිසි පරිදි බෙදා නොදිම,ගස් කැපිම,ගොඩනැගිලි ඉදිකිරිමේ ඇති ගැටලු ආදිය සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබි ඇති අතර වැලිගම ප්‍රාදේශිය සභාවට විරුද්ධව ලැබි ඇති පැමිණිලි සම්බන්ධයෙන් දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශය විසින්ද බද්දේගම ප්‍රාදේශීය සභාවට විරුද්ධව ලැබි ඇති පැමිණිලි සම්බන්ධයෙන් දකුණු පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් ද විමර්ශන ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd