(අශෝක තිලකරත්න)
දිනක් වයසැති බිලිඳියක් මිරිජ්ජවිල කපුවත්ත වතුර ටැංකිය අසල දමා ගොස් තිබියදී අද (22) උදෑසන හමු වූ බව අම්බලන්තොට පොලිසිය පවසයි.
අසල්වැසි කාන්තාවක් විසින් මෙම බිළිඳිය මුලින්ම දැක ඒ බව පොලිසියට දැනුම් දී තිබේ.
පොලිසිය විසින් බිළිඳිය හම්බන්තොට මහ රෝහලේ ළදරු ඒකකයට බාර දීමට කටයුතු කෙරිණි.
අම්බලන්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.