IMG-LOGO

දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට -දෙදෙනෙක් රෝහලේ

(ඩබ්ලියු. හියුබට් ප්‍රනාන්දු සහ  පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කැපුන්ගොඩ ප්‍රදේශයේදී  දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල ලත් වෛද්‍යවරයකු ඇතුලු තිදෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මරණයට පත්ව ඇතැයි දුන්ගාල්පිටිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ පමුනුගම කැපුන්ගොඩ පදිංචිව සිටි නානායක්කාර ගලබඩපිටියගේ ෂෙහාන් ප්‍රමෝද්‍ය නැමැති 21 හැවිරිදි තරුණයෙකු බවට හඳුනාගෙන ඇත.

වසර හතරක පමණ කාලයක සිට මෙම දෙපිරිස අතර බෝට්ටුවක් සම්බන්ධයෙන් ආරාවුලක් පැවතී ඇත. ඊයේ රාත්‍රියේදී දෙපිරිස අතර මේ සම්බන්ධයෙන්  බහින්බස්වීමක් ඇතිවීමෙන් පසු මෙම ගැටුම හටගෙන ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සිද්ධියේදී තිදෙනෙකු කැපුම් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කිරීමෙන් පසු එම තරුණයා මරණයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

තුවාලකරුවන් අතර නුවරඑළිය ප්‍ර දෙහයේ සේවය කරන බව කියන 34 හැවිරිදි වෛද්‍යවරයකුද වන බව පොලිසිය කියයි. වෛද්‍යවරයා හා මියගිය තරුණයා අරාවුල බේර්ීමට මැදිහත්ළුූවන් බවට පෙලිසියට තොරතුරැ ලැබී ඇත. අනෙක් තුවාලකරු 58 හැවිරිදි විවාහකයෙකි. තුවාලකරුවන් දෙදෙනො දැඩි සත්කාර ඒකකයේ බරපතල ත්ත්වයෙන් ප්‍රත්කාර ලබමින් පසුවන බවද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මූලික පරීක්ෂණවලදී හෙලිවූ තොරතරු අනුව තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අතුඅඩංගුවට ගැනීමට පරීක්ෂණ පැවැත්වේ.  මියගිය අයගේ මරණය  පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද මීගමුව රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

දුන්ගාල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට -දෙදෙනෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1014 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site