(ඩී .කේ.රත්න )
බණ්ඩාරවෙල දික්අරාව අලුත්ගම කදුවැටියේ අද (20) දහවල් ඇතිවූ හදිසි ගින්නකින් එම කදුවැටියේ රක්ෂිත ප්‍රදේශයේ අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතයි පොලීසිය කියයි.
බදුලුඔයේ අතු ගංගාවක් වන දෙමෝදර ඔයේ ආරම්භක රක්ෂිත ප්‍රදේශයේ මෙම ගින්න ඇතිවීමත් සමග මෙම රක්ෂිතයටද දැඩි තර්ජන එල්ලවී තිබේ.
කිසියම් පුද්ගලයෙකු විසින් මෙම අලුත්ගම කදුවැටියට ගිනි තබන්නට ඇතයි පොලීසිය කියයි.
මෙම ගින්න ඇතිවීමත් සමග බණ්ඩාරවෙල පොලීසිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම ගින්න අවට නිවාස පිහිටි ප්‍රදේශවලට යා නොදී නිවා දමා තිබේ.
මෙම කදුවැටියට ගිනි තැබීම නිසා මෙම කදුවැටි ප්‍රදේශයේ තිබූ වටිනා ශාඛ සහ සත්ව විශේෂ රැසක් ගින්නට හසුවීමෙන් විනාශවන්නට ඇතයි ප්‍රදේශවාසීහූ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd