(ඩි.ජී.සුගතපාල)
නාකියාදෙණිය වත්තහේන ප්‍රදේශයේදී බෙහෙත්කොටන තුවක්කුවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාකියදෙණිය වත්තහේන 86කන්ද පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදි මෙම ගිනි අවිය සොයාගෙන ඇති අතර සැකකරු කම්කරුවෙකු බවත් ඔහු වන සතුන් දඩයම් කරන අයෙකු බවත් අනාවරණයවී තිබේ.
ඊයේ රාත්‍රියේද ඔහු සතුන් දඩයම් කිරීමට යාම සඳහා සූදානමින් සිටියදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd