(එච්. චන්දන)
පුත්තලම - කුරුණෑගල මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් යුද හමුදා සෙබළෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ආණමඩුව පොලීසිය කියයි.
පනාගොඩ යුද හමුදා කදවුරේ පොදු සේවා බළකායේ සේවය කරන එකම පවුලේ අයියා මල්ලී දෙදෙනා මිතුරකුගේ නිවසට ගොස් යළි ආණමඩුව බලා එන අතරතුර යතුරුපැදිය මාර්ගයේ ගිය පුද්ගලයකුගේ වැදී තිබේ.
එම මොහොතේ මාර්ගයේ ගමන් ගත් තවත් යතුරුපැදියක් හා කාර් රථයක් මෙම යතුරුපැදියේ වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ ආණමඩුව සමගි උදාගම පදිංචිව සිටි පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කළ ප්‍රියාන් ප්‍රීතී ප්‍රියදර්ශන (25) නැමති අයෙකි. ඔහු දක්ෂ උඩරට නර්ථන ශිල්පියෙකි.
මාර්ගයේ ගිය අය හා දෙවන අනතුර සිදුවු යතුරුපැදියේ සිටි කාන්තාවක් ද සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
සිද්ධිය මුලින් සිදුවූ යතුරුපැදියේ ගමන් කළ එහි පිටුපස සිටි මිය ගිය අයගේ සහෝදරයා තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධ ආණමඩුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පුත්තලමේදී යතුරුපැදි අනතුරකින් සෙබළකු මරුට