IMG-LOGO

මී උණ රෝගයෙන් අපුරේ පහක් ජීවිතක්ෂයට

(දයාරත්න ඇඹෝගම)

මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවියන් පස් දෙනෙකු මී උණ රෝගයෙන් මිය ගොස් ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සෙෘඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කය තුල මී උණ රෝගය පැතිර යාමේ අවදානම සම්බන්ධයෙන් අප කළ විමසුමේදි වෛද්‍ය තේජන සෝමතිලක මහතා අද (21)දින මේ බව පැවසිය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින මී උණ රෝගය පිළිබදව අදහස් දැක්වු වෛද්‍ය තේජන සෝමතිලක මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසිය.

ගිය වසරත් මෙම වසරත් සසදා බලන විට ගිය වසරට වඩා මී උණ පැතිර යාමේ අවධානම වැඩිවි තිබෙනවා.
2019 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගින් වාර්තා වුනේ 160 දෙනෙක්.එහෙත් මේ වසරේ ජනවාරියේ සිට මේ දක්වා මී උණ රෝගින් 120 ක් වාර්තාවි තිබෙනවා.මින් මී උණ රෝගින් පස් දෙනෙක්ම මිය ගොස් තිබෙනවා.ඉපලෝගම,තලාව,තඹුත්තේගම,විලච්චිය හා තිරප්පනේ යන ප්‍රදේශ වලින් මේ ආකාරයට ගොවි මහත්වරු පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පසුගිය කාලයේ වැඩ නොකරපු කුඹුරැ රැසක් මේ වසරේ වැඩ කර තිබෙනවා.පසුගිය කාලයේ වැඩ නොකරපු කුඹුරැවල මීයන් බෝවිම නිසා මේ වසරේ මී උණ රෝගින් වැඩි වෙලා.

සමහර ගොවි මහත්වරැ කුඹුරැ වැඩ කරද්දි උණ රෝගය හැදුනත් එය නොසලකා එම කටයුතු අවසන් වන තෙක්ම ප්‍රතිකාර ලබා නොගැනිම මරණ වලට හේතුවි තිබෙනවා.
එම නිසා දින දෙකකට වැඩි කාලයක් උණ තිබුන හොත් වහාම රජයේ රෝහලකට ගොස් රුධිරය පරික්ෂා කොට ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක හා සසදා බලන විට මි උණ රෝගින් වාර්තා වන දිස්ත්‍රික වලින් අනුරාධපුර දිස්ත්‍රික්කය හත්වන ස්ථානයට පැමින ඇති බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා මෙහිදි පැවසිය.



අදහස් (0)

මී උණ රෝගයෙන් අපුරේ පහක් ජීවිතක්ෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1014 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site