(චන්ද්‍රසේන ගමගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරෝධය පළ කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් සභා ගැබෙන් එළියට පැමිණීමත් සමගම අද (22) පැවති සභාවාරය කල් තැබීමට සභාපතිවරයාට සිදුවිය.
වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනාරච්චි මහතාට දූෂණ චෝදනා එල්ල කරමින් මන්ත්‍රීවරු සභාවෙන් පිටව තිබේ.
සභාවේ රථවාහන සඳහා ටයර් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සභාපතිවරයාට චෝදනා එල්ල කරන මන්ත්‍රීවරුන් ඒ සඳහා පරීක්ෂණයක් ද ඉල්ලා සිටී.
අද සභා ගැබෙන් පිටව වී ඇති මන්ත්‍රීවරුන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 7දෙනෙක් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු දෙදෙනකු ද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ද සභා ගැබෙන් පිටව ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරන වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනාරච්චි මහතා පවසන්නේ සභාව තුළ අක්‍රමිකතාවක් සිදු වී නැති බවත් මන්ත්‍රීවරුන් කරනු ලබන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා තමන් පළාත් පාලන කොමසාරිස්වරයාට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවත්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd