(ඩී.ජී.සුගතපාල)
නාකුළුගමුව සීනිමෝදර ප්‍රදේශයේ නිවසකට පැමිණි බිමත් පුද්ගලයින් දෙදෙනෙකු පිහියකින් පහරදි නිවෙස් හිමියාගේ වම්අත කපා ඔහුගේ බිරිඳගේ තුනටිය ප්‍රදේශයද කපා බර පතල තුවාල සිදුකර ඇතැයි තංගල්ල පොලිසිය පවසයි.
තුවාලකරුවන් තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත් නිවෙස් හිමියාගේ වෙන්වු අත කොටස බද්ධ කිරිම සඳහා වෙනත් රෝහලකට ගෙන යාම සඳහා සුදානම්කර ඇති බවත් පොලිසිය පවසයි.
පසුගිය 18වනදින ඇතිවු පුද්ගලික ආරවුලක් හේතුකොට ගෙන මෙම පහරදිම සිදුකර ඇති බව පරික්ෂණවලදි අනාවරණයවි තිබේ.
සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා තංගල්ල පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd