IMG-LOGO

මාදම්පේ ඇගළුම් ආයතනයක සේවකයින් පිරිසක් විරෝධතාවක

(ඔගස්ටින් ප්‍රනාන්දු)            

මාදම්පේ ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන පෞද්ගලික ඇගළුම් ආයතනයක වැටුප් නොගෙවීයැයි කියමින් එහි සේවකයෝ පිරිසක් අද ( 22 ) හලාවත සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.

මෙම ආයතනයේ සේවකයින් 110 සේවය කරණු ලබන අතර පසුගිය කොරෝනා වසංගතය පැතිර තිබූ කාලයේ දී ආයතනය තමන්ට ගෙවිය යුතු වැටුප නිසි ලෙස නොගෙවූ බවත් පෙබරවාරි මස වැටුපෙන් අඩක් ද මාර්තු මස වැටුප දින 14 කට සීමා කරමින් ද අප්‍රේල් මස වැටුප ද මැයි මස දින නවයක වැටුප ද ගෙවා සෙසු දිනවල වැටුප් නොගෙවා ආයතනය වසා දමා ඇති බවත් විරෝධතාවේ නිරතව වූ පිරිස පැවසූහ.

හලාවත කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ පසු එම වැටුප අද ( 22 ) ගෙවීමට නියමිතව තිබූ නමුත් ඔවුහු එම පොරොන්දුව කඩ කර ඇති බවත් විරෝධතාවේ නිරත පිරිස පැවසූහ.

මෙම වැටුප් ප්‍රශ්නය ප්‍රමාද වී පැමිණිලි කර ඇති බවත් නොගෙවූ වැටුප අඩුවකින් තොරව ගෙවීමට හාම්පුතුන්ට නියෝග කළ බවත් එම හාම්පුතුන් එම පොරොන්දුව කඩ කර ඇති බවත් මෙම සිද්ධිය කම්කරු විනිශ්චය සභාවට දන්වා සහනයක් ලබා දීමට පියවර ගන්නා බවත්  හලාවත සහකාර කම්කරු කොමසාරිස් සී.ජී.එච්. සකත් ලංකා මහතා පැවසීය.



අදහස් (0)

මාදම්පේ ඇගළුම් ආයතනයක සේවකයින් පිරිසක් විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site