(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය පොලිස් වසමට අයත් 11කණුව බදුගොඩවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක කැණීම් කරමින් සිටියදී ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුද හමුදා කපිතාන්වරයා ජුනි මඩ 30 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා නියෝග කර තිබේ.
මෙම පුද්ගලයා දැනටද හමුදා සේවයේ යෙදී සිටින අයකු බවත් පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය එහි යනවිට කැණීම් කරමින් සිටි අනෙක් පිරිස පලාගිය බවද පොලිසිය පවසයි.
මෙහි කැණීම් කරමින් සිටි පිරිස මෙම කපිතාන් වරයා යටතේ සේවය කරන හමුදා නිලධාරින් විය යුතු බවටද පොලිසිය සැක පහළ කරයි.
මෙම ස්ථානයේ අඩි විස්සක් පමණ කැනීම් කර ඇති අතර සැකකරු පොලිසියට පවසා ඇත්තේ ජලය ලබා ගැනීම සදහා මෙම ස්ථානය හාරමින් සිටි බවය.
එහෙත් පොලිසිය කරන ලද ප්‍රශ්න කිරිමේදී ඔහු පවසා ඇත්තේ සිය මියගිය පියා සිහිනයෙන් කිහිප දිනක් මේ ස්ථානය කැණීම් කරන ලෙස කළ ඉල්ලිම මත මෙසේ කල බවය. මෙම ස්ථානය ආවරණය කර තිබී ඇති අතර දිවා රාත්‍රි දෙකේම මෙම කැණීම් සිදු කරන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි .
කැනීම් සිදු කිරිම සදහා භාවිතා කරමින් සිටි අලවංගු ,ගල්කඩන උපකරණ ,විශාල ප්‍රමාණයේ වතුර ඉසින මෝටර් දෙකක් යකඩ ඉණිමගක් ඇතුළු උපකරණ ද එම සමහර භාණ්ඩ දමා තිබූ වෑන් රථයක් ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
එම ස්ථානයේ බැකෝ යන්ත්‍රයක් ද තිබූ අතර එය මෙම කැණීම් සදහා යොදා ගත්තේද යන්න පිළිබදවද පොලිසිය පරීක්ෂණ පවත්වයි .
2025 නොවැම්බර් මස 04
766
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2408
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෞද්ගලික ඉඩමක කැණීම් කළ හමුදා කපිතාන්වරයා රිමාන්ඩ්