(ටෝනි කරුණානායක)
ඇඳිරි නීතිය කඩකරමින් මහා මාර්ගයේ ගමන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත
මුදාහරින ලද විත්තිකරුවන් සහ විත්තිකාරියන් 50 දෙනෙකුට විරුද්ධව කටුනායක සහ කොටදෙනියාව යන පොලිස් ස්ථාන මගින් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද(22)නඩු පවරා තිබුණි.
අධිකරණය හමුවේ පෙනී සිටි 27 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 4,000ක් බැගින් රුපියල් 108,000 ක දඩයක් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් සහ දිසා
විනිසුරු කේසර .සී.ඒ.සමරදිවාකර මහතා නියම කළ අතර අධිකරණය හමුවේ පෙනී නොසිටි විත්තිකරුවන් සහ විත්තිකාරියන් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd