(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස සඟවා තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවියක් මිනුවන්ගොඩ පොලිසිය මගින් අද (22) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 500 ක් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් මත දින 90 ක් මිනුවන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන විමර්ශනය
කරන මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචි එම් .චමින්ද දයා ප්‍රියංක මල්ලවආරච්චි නැමැති සැකකරු ගේ
ප්‍රකාශ මත එම ගිනි අවිය සොයා ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd