(එස්. ඩි. කොඩිකාර )
කොටපොල ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතාට මරණ තර්ජනය කළ දුරකථන ඇමතුම් රැසක් ලැබී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි දෙනියාය පොලිසිය කියයි .
මේ සම්බන්ධයෙන් කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා පැවසූයේ තමන් මේ සම්බන්ධයෙන් මතු ආරක්ෂාවට සහ මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් පොලිසියට සිදු කළ බවයි .
ඉකුත් (21) වන දින ප.ව. 12.52 සිට පසුදා (22) පෙ.ව. 10.11 දක්වා දිවා රාත්‍රී දෙකෙහිම එකම මොබිටෙල් අංකයකින් දුරකථන ඇමතුම් ලැබුණු බවත් ඉන් පවසා ඇත්තේ "තොට ඉන්න දෙන්නෙ නැහැ " "මරණවා" යනුවෙන් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ හේතුව නිසා තමන්ගේ බිරිඳත් දරුවනුත් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බව සඳහන් කරන සභාපතිවරයා සඳහන් කළේ තමන් වසර 43 ක කාලයක් දේශපාලන ජීවිතය ගත කළ බවත් ඉන් අවස්ථා තුනක දීම තමන් කොටපොල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බවත් එම කාලය තුළ තමන්ට විරුද්ධ පක්ෂයකින් හෝ කිසිදු පුද්ගලයකුගේ මෙවැනි බලපෑම් එල්ල නොවූ බවයි .
මේ හේතුව නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වේ යැයි තමන් සිතන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කොටපොල ප්‍රා සභාපතිට මරණ තර්ජන ඇතැයි පැමිණිල්ලක්