(එම් .සුසිල් ප්‍රියන්ත )
බද්දෙගම වවුලගල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබැමකින් බරපතල තුවාල ලැබු අයෙක් කරාපිටිය රෝහලට ඇතුලත් කල බව බද්දෙගම පොලීසිය කියයි.
මේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සීනිගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කලුදුර කේෂාන් හෙවත් ලොක්කා යන අනවර්ථ නාමයෙන් හදුන්වන අයෙකු බවද පොලීසිය කියයි.
පරණ කෝන්තරයක් මේ වෙඩි තැබීමට හේතුව බව පවසන පොලීසිය මොහුට වෙඩි තැබු අය පලා ගොස් ඇති බවද කියයි.
බද්දෙගම පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd