(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය, ග්ලෙන්ටිල්ට්, තේ වතුයායේ , ලෙන්ගා කොටසේ වතු නිවාස පේළියක හටගත් හදිසි ගින්නක් හේතුවෙන් එක් නිවාසයකට සම්පූර්ණයෙන් දැවී ගොස් යාබද නිවසට අර්ධ හානි සිදුව ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.
ගින්න පැතිර යාම වළක්වමින් වතු කම්කරුවන් විසින් නිවා දමන ලදී.
ගින්න ඇතිවන අවස්ථාවේ නිවැසියන් සිට ඇති බවත්, කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවත් මස්කෙළිය පොලීසිය පවසයි. විපතට පත් නිවාස දෙකේ අවතැන්ව සිටින 10දෙනෙක් එම වතුයායේම ඥාති නිවාසවල තාවකාලිකව ලැගුම් ගෙන සිටිති.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා පැමිණ විපතට පත්වූ නිවැසියන්ට සහන අවශ්‍ය සැලසීමට වතු පාලනාධිකාරිය සමග සාකච්ඡා කර උපදෙස් ලබා දී ඇත.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැකකරයි.
මස්කෙළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.