(එස්. ඩී. කොඩිකාර)
අධික වර්ෂාව හේතුවෙන් දෙනියාය ෆැට්නා මාර්ගයේ කොස්ගුළුන මංසන්ධියේ විශාල බෝ ගසක් මාර්ගය හරහා අද (26) අලුයම් කාලයේ කඩා වැටී මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම ඇණහිට ඇතැයි දෙනියාය පොලිසිය කියයි.
ප්‍රදේශයේ නිවාස රැසකට විදුලිය විසන්ධි වී ඇත.
ඊයේ රාත්‍රී කාලයේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉතා පැරැණි මෙම බෝ ගස කඩා වැටී ඇති අතර බෝ ගසේ අතු කඩා වැටීම හේතුවෙන් ආසන්නයේ තිබූ නිවාස කිහිපයක වහලවල්වලට අලාභ හානි සිදු වී ඇති අයුරු දක්නට ලැබුණි.
පසුව අද (26) උදෑසන කොටපොල ප්‍රාදේශීය සභාව මැදිහත් මැදිහත් වී කඩා වැටුණු බෝ ගස කපා ඉවත් කර මාර්ගයේ ගමනාගමනය යළි යථා තත්ත්වයට පත්කළ බව කොටපොල ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd