(නිශාන්ත කුමාර)
දෙබරු ඇනීමෙන් බරපතල තුවාල ලැබූ පියෙකු සහ ඔහුගේ පුතා අද (02) අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල වෙන්දේසියාය ගම්මානයේ පදිංචි වයස අවුරුදු 46 ක පුද්ගලයෙකු සහ 14වන වියේ පසුවන ඔහුගේ පුතෙකි.
ගෙවත්තක කුලියට අඹ කඩමින් සිටියදී ඔවුන් මෙම ප්‍රහාරයට ලක්ව ඇත. අඹ ගසට ආසන්නව තිබූ වෙනත් ගසක බැඳ තිබූ දෙබර කූඩුවක් ඇවිස්සීමෙන් ගස මත සිටි පුද්ගලයාට දෙබරු ඇන ඉන් ඇද වැටී බරපතළ තුවාල ලැබූ අතර අඹ අහුලමින් සිටි ඔහුගේ දරුවාට දෙබරුන් ඇන ඇත.
දෙබරුන් සිය ගණනක් ඇනීම හේතුවෙන් සිහිවිසඥ සිටි දරුවාගේ පියා සහ දරුවා අසාධ්‍ය තත්ත්වයේ සිටියදී ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කළ කිහිපදෙනෙකුටද දෙබරුන් ඇන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd