(එච්. එම්. ධර්මපාල)
දැනට බූස්ස බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්කුඩු ජාවාරම්කරුවකු වන රත්මලානේ "මර්වින් ජානා " යන අය මෙහෙයවන හෙරොයින් ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන සැකකාර කාන්තාවක හා පුද්ගලයෙකු අද(3 ) දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.
මෙම කාන්තාව අත්තිඩිය පැරකුම් මාවත පදිංචි වයස 37ක තැනැත්තියක වන අතර සැකකාර පුද්ගලයා පිළියන්දල පදිංචිව සිටින 58 හැවිරිදි අයෙකි. ඔහු අධික ලෙස හෙරෝයින් පානයට හුරුවූ අයෙකුද වන බවද පොලිසිය පැවසීය.
මොවුන් දෙදෙනා ප්‍රධාන ජාවරම්කරුගේ හෙරොයින් අලෙවියෙන් ලැබෙන මුදල් රුපියල් මිලියන ගණනක් රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල විවිධ පුද්ගලයන්ගේ නම්වලින් ඔවුන්ගේ හැඳුනුම්පත් භාවිත කරමින් ගිණුම් විවෘත කර තැන්පත් කර මුදල් හුවමාරු කර ඇති බවත්, ඒ අනුව රුපියල් මිලියන 1 4 කට අධික බැංකුවලින් හුවමාරු කළ ගිණුම්වල පිටපත් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයිද පොලීසිය පැවසීය.
පසුගිය 25 වන දින දෙහිවල, ගල්කිස්ස පොලිස්ථාන, ගෝනපොල ප්‍රදේශයේ කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් අඹුසැමි යුවලගෙන් රඳවා තබා ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගේ දුරකථන ඇමතුම් අනුව මෙම පුද්ගලයන් දෙදෙනා අද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ විශ්‍රාමික බැංකු කළමනාකරුවකු හා සැකකාරියගේ සොයුරියක් ඇතුළු කිහිපදෙනකු පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් පරීක්ෂණ පවත්වයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය හා සැකකරු අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවා තබා දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගෙන යනබවද දෙහිවල පොලීසිය පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.