(ඩී.ජී.සුගතපාල)
ගාල්ල වරායේ සමස්ත සේවක පිරිස අද (02) දහවල් සාමකාමී විරෝධතාවයක් පැවැත්වූහ.
චීනයෙන් ගෙන්වන ලද ගැන්ට්‍රි දොඹකර තුනක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීමටත්, එහි නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදීමටත් විරෝධය පළකරමින් කොළඹ වරායේ සේවකයින් ආරම්භ කළ විරෝධතාවයට සහාය දැක්වීම සඳහා මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
දහවල් කෑම පැයේදි සියලුම සේවක පිරිස වරායෙන් පිටතට පැමිණ ගාලු පාර දක්වා පාගමනින් පැමිණ පැයක පමණ කාලයක් විරෝධතාවයේ යෙදී පසුව නැවත වරාය භුමියට ඇතුළ වී විරෝධතාවය අවසන් කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd