(ඩී.ජී.සුගතපාල සහ නිමල් ලන්දගේ)
විදුලි සැර වැදී අපවත්වී ඇති බවට සැකකරන හිමි නමක්ගේ දේහයක් නිල්වැල්ල මිණි කිරුළ විහාරස්ථානයේ එළවළු කොරටුවේ තිබී අද (02) දහවල් සොයාගත් බව දික්වැල්ල පොලිසිය පවසයි.
මෙසේ අපවත්වී ඇත්තේ එම විහාරස්ථානයේ වැඩ විසු උඩුගමුවේ සුමින්ද(40) නමැති හිමියන් බවද පොලිසිය පවසයි.
එම හිමියන් පන්සල් වත්තේ අක්කර කාලක පමණ එළවළු වගාවක් කරගෙන යනු ලබන අතර එම එළවළු කොරටුව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට විදුලි කම්බියක් ඇද තිබිණි.
මෙම හිමියන්ගේ මව සහ නැගණිය පසුගිය 26 වන දින විහාරස්ථානයට පැමිණ ඇති අතර, 30වන දින උදෑසන වගාවේ ගොළුබෙල්ලන් බැලීමට යන බව මවට පවසා හිමියන් විහාරස්ථානයෙන් පිටව ගොස් ඇත. ඊයේ දිනයේද හිමියන් විහාරස්ථානයේ නොසිටි නිසා නායක හිමියන්ට දැන්වීමෙන් පසු උන්වහන්සේ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
මේ අතර උන්වහන්සේගේ නැගණිය අද පන්සලේ කොරටුව අසළට ගිය අවස්ථාවේ සහෝදර හිමියන් වැටී සිටිනු දැක පොලිසියට දන්වා තිබේ. එළවළු කොරටුව වටා ඇද තිබු විදුලි කම්බියකින් විදුලි සැර වැදී හිමි නම අපවත් වන්නට ඇතැයි සැක කරන බවත් පොලිසිය පවසයි.
දික්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - නිමල් ලන්දගේ)


2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිල්වැල්ල විහාරස්ථානයේ විසූ හිමි නමකගේ දේහයක් එළවළු කොරටුවේ