( රොමේෂ් මධුෂංක)
වව්නියාව වේප්පම්කුලම් ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් අද (02) උදෑසන තිබී හමු වූ බවට වව්නියාව පොලීසිය පවසයි.
වේප්පම්කුලම් 6 වන පටුමගේ පිහිටි අදාල නිවසේ සිටි තරුණයා ඊයේ (1) රාත්‍රියේ නින්දට ගොස් ඇති අතර අද උදෑසන නිවැසියන් බලන විට මිය ගොස් සිටි බවට නිවැසියන් විසින් පොලීසියට පවසා ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි ජේන්ද්‍රන් විමලරාජ් නැමති තරුණයෙකු වන අතර එම තරුණයා මිය යාමට හේතුව නිවැසියන්ද නොදන්නා බැවින් මරණය පිළිබඳව වව්නියාව පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළසිරුර වව්නියාව මහරෝහලේ තැන්පත් කොට ඇති බවටද වව්නියාව පොලීසිය වැඩි දුරටත් පැවසීය.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.