(එස්. ඩි. කොඩිකාර)
දෙණියාය මූලික රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයට පහරදී වෛද්‍යවරුන්ට බැන තර්ජනය කර රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට රුපියල් ලක්ෂ පහකට අධික අලාභ හානියක් සිදු කළ සැකකරුවන් සියලු දෙනා වහා අත්අඩංගුවට ගෙන නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නැයි බල කරමින් දෙණියාය මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය අද (3) වැඩ වර්ජනයක නිරතවුහ.
මෙහිදී විරෝධතාකරුවන් රෝහල ඉදිරිපිට සහ රෝහල් පිවිසුම් මාර්ගය ආසන්නයේ කළු කොඩි ඔසවා ටයර් පුළුස්සා පෝස්ටර් බැනර් අතැතිව විරෝධතාවක නියැලුණි.
විරෝධතාකරුවන් මුලින්ම දෙනියාය රෝහල් පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවයේ නියැලීමෙන් පසුව පාගමනින් මූලික රෝහලේ පිවිසුම් මාර්ගය ඉදිරිපිට ගොස් නැවත විරෝධතාවයේ නියලී පසුව නැවත පාගමනින් පැමිණ රෝහල ඉදිරිපිට විරෝධතාවයෙහි නියැලුණහ.
මේ හේතුවෙන් අද (3) දෙණියාය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වූ අතර මේ සම්බන්ධයෙන් දෙණියාය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි සෝමරත්න කෝණාර මහතා පැවසූයේ මෙම වැඩවර්ජනය අද පෙ.ව.8.00 දක්වා සිදු කරන බවත් අත්‍යවශ්‍ය ප්‍රතිකාර පමණක් සිදු කරන බවයි.
රඹුටන් ඇටයක් උගුරේ සිර වී මිය ගිය මාස 11 ක කුඩා දරුවෙකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට පැමිණි පිරිසක් දරුවා මියගොස් ඇති බව පැවසීමෙන් අනතුරුව ඊයේ (02) රාත්‍රි මෙම පහරදීම සිදුකර රෝහලේ වෛද්‍ය උපකරණ වලට අලාභ හානි සිදු කිරීම මුල් කරගෙන මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි .


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.