(කුෂාන් ජයවර්ධන)
ආඬියාගල මහවීහේන්යාය මාර්ගයේ අසළින් ගලා යන හැවැන් ඇල්ල ඔය ඉවුරේ තිබී සොයා ගන්නා ලද අත්බෝම්බයක් නිශ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු විසින් අද (07) සවස කටයුතු කරනු ලැබූහ.
ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව එම අත්බෝම්බය සොයා ගෙන තිබිණි.
ආඩියාගල ගලේවෙල මාර්ගයේ මහවීහේන්යාය මාරගය අසළින් ගලා බසින හැවැන්ඇල්ල ඔය ඉවුරේ තිබී එම අත්බෝම්බය සොයා ගෙන තිබිණි.
බෝම්බය හමුවූ ස්ථානය ඒ ආසන්නයේ ඇති වගා බිම් සදහා ජලය පොම්පකිරීමට භාවිතාකරන ජනතාව සැරිසරණ ස්ථානයක් ද වේ.
පොලිසිය සොයා ගෙන ඇති එම අත්බෝම්බය විදේශීය රටක නිෂ්පාදිත එකක් බව පොලිසිය කියයි.
මින් දින දෙකකට ඉහතදී ද එම ස්ථානයේ තිබී මෙවැනිම තවත් අත්බෝම්බයක් සොයා ගෙන නිශ්ක්‍රීය කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි.
කවුරුන් විසින් කුමන අරමුණක් සදහා එම අත්බෝම්බ එම ස්ථානයට රැගෙනවිත් දැමුවේදැයි යන්න සොයා බැලීමට මේවනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පොලිස් විශේෂ කාරය බලකායේ කුරුණෑගල කදවුරේ නිලධාරීන් පිරිසක් පැමිණ එම අත්බෝම්බය ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ජනශූන්‍ය ප්‍රෙද්ශයකදී ආරක්ෂිතව නිශ්ක්‍රීය කිරීමට කටයුතු කරනු ලැබීය.
ගල්කිරියාගම පොලිසිය මගින් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ආඬියාගලින් අත්බෝම්බයක් හමුවෙයි