IMG-LOGO

ලක්ෂ 5ක තේක්ක කඳන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(එච්. චන්දන)
 
බලපත්‍ර නොමැතිව කපා ප්‍රවාහනය කළ ලක්ෂ 5ක ආසන්න වටිනාකමකින් යුතු තේක්ක දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලීසිය කියයි.
 
පුත්තලම පොලීසයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව අද 09 අලුයම අට්ටවිල්ළුව හා මැල්ලන්කුළම ප්‍රදේශයේදී කළ මෙම වැටලීමේදී ලොරි රථ දෙකක පටවා ප්‍රවාහනය කරමින් තිබියදී මෙම වැටලීම සිදු කර තිබේ.
 
එක් ලොරි රථයක තුළ විවිධ පරිමාණයෙන් යුත්ත තේකක දැව කඳන් 107 ක් හා කොහොඹ කඳන් 07 ක්ද, අනෙක්  ලොරි රථයේ අඩි 07ක් දිග කැපු විශාල කඳන් 9ක්ද තිබී පොලීසියට සොයා ගැනීමට හැකි වී තිබේ.  මෙම දැව තොගය කිසිදු බලපත්‍රයක් නොමැතිව කපා බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කර තිබූ බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
 
සැකකරුවන් හා ලොරි රථ දෙක පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ලක්ෂ 5ක තේක්ක කඳන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site