(එම් .සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ නගර සභාවේ විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂ නාගරික මන්‍ත්‍රී ඩෙනට් පනියන්දූවගේ මහතා අද (7 ) සිය නාගරික මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
අම්බලන්ගොඩ නගර සභා මාසික රැස්වීම නගර සභා මහජන පුස්තකාලයීය දෙමහල් ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවේදි පනියන්දූවගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතාට ලබා දුන්නේය.
සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගය පක්ෂයෙන් තමාට සිදුවු අසාධාරණයක් නිසා මේ තීරණය ගත් බවත් ඉදිරියේදි තමා පොදු ජන පෙරමුණ සමග එක්වී කටයුතු කරන බවත් සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩෙනට් පනියන්දූවගේ මහතා අදහස් දක්වමින් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදුජන එක්සත් පෙරමුණ සමග වැඩ කරන්න තීරණය කරපු නිසා දැන් අනික් කට්ටිය හොදටම බය වෙලා ඇත්තෙ. අනේද කියන්නෙ. ලැජ්ජ නැති කම මහ මුදලි කමටත් වඩා බලවත් කියනවනෙ. ගිය එකයි, ගත්ත අයයි දෙගොල්ලම හොදයි.ඔක තමයි දේශපාලනය කියන්නෙ.