IMG-LOGO

ඇල්පිටිය ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙක් විරෝධයක


(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16)පෙරවරුවේ ආරම්භ වීමත් සමගම  පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයක් සභාපතිවරයාට විරෝධය පළකළේය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ එම මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාවක් න්‍යාය පත්‍රයට ඇතුළත් වී  නැතැයි ඊට විරෝධය පළකරමින් එම යෝජනාව යළි න්‍යාය පත්‍රයට ඇතුලත් කරන තෙක් සභාවේ මේසය මත වාඩිවී මෙසේ විරෝධය පළකලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ.ඩී.සුමිත් මහතාය.

විනාඩි තිහකට ආසන්න කාලයක් මන්ත්‍රීවරයා මේසය මත වාඩිවී මෙසේ විරෝධය පලකළ අතර සභාවේ සිටි අනෙක් මන්ත්‍රීවරු ද එම මන්ත්‍රීවරයාට සහයෝගය දෙමින් කතා කළහ.

පසුව සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා විසින් එම යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමෙන් පසු සුමිත් මන්ත්‍රීවරයා මේසය මතින් බැස අසුනේ හිඳ ගැනීමෙන් පසු සභාව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ලැබීය.



අදහස් (0)

ඇල්පිටිය ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙක් විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site