
(තුසිත කුමාර ද සිල්වා )
බේරුවල ප්‍රදේශයේ පිහිටි නීති විරෝධී ගව ඝාතකාගාරයකට තංගල්ල හා වීරකැටිය ප්‍රදේශවලින් එළ ගවයින් 18 දෙනෙකු සොරකම් කර රැගෙන ආ සැකකරුවන් දෙදෙනකු අද (16) කලුතර දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සහ බේරුවල පොලිසිය එක්ව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
එළ ගවයින් 18 දෙනාට අදාල බලපත්‍ර නොමැති බවත්මෙම එළ ගවයින්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 25 ක පමණ වන බවත් පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 42 ත් 37 ත් අතර පසුවන්නන් බවත් මෙම පිරිස බේරුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ එළ ගවයින් 18 දෙනා පයාගල පොලිසිය බාරදුන් බවත් හෙට (17) දින සැකකරුන් කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd