(තුසිත කුමාර ද සිල්වා )
බේරුවල ප්‍රදේශයේ පිහිටි නීති විරෝධී ගව ඝාතකාගාරයකට තංගල්ල හා වීරකැටිය ප්‍රදේශවලින් එළ ගවයින් 18 දෙනෙකු සොරකම් කර රැගෙන ආ සැකකරුවන් දෙදෙනකු අද (16) කලුතර දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සහ බේරුවල පොලිසිය එක්ව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
එළ ගවයින් 18 දෙනාට අදාල බලපත්‍ර නොමැති බවත්මෙම එළ ගවයින්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 25 ක පමණ වන බවත් පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 42 ත් 37 ත් අතර පසුවන්නන් බවත් මෙම පිරිස බේරුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ එළ ගවයින් 18 දෙනා පයාගල පොලිසිය බාරදුන් බවත් හෙට (17) දින සැකකරුන් කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සොරකම් කළ එළ ගවයින් 18 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට