(කුෂාන් ජයවර්ධන)
කලාවැව බළලුවැවේ පා වෙමින් තිබූ පිරිමි මළ සිරුරක් ගල්කිරියාගම පොලිසිය විසින් අද (16) සොයා ගනු ලැබීය.
මිය ගොස් ඇත්තේ අංක 02 එළමල්පොත වහකොට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි ගුරුන්නැහලෑ ගෙදර නූර් මොහොමඩ් නමැති 76 හැවිරිදි පුද්ගලයකු බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
බළලුවැව මංසන්ධිය ආසන්නයේ වූ නාන තොටුපළක් අසල දියේ පාවෙමින් තිබීයදී පොලිසිය එම සිරුර සොයා ගෙන තිබේ.
දියනෑමට පැමිණී අවස්ථාවේ ඔහු දියේ ගිලි මිය යන්නට ඇතැයි පොලිසිය අනුමාන කරන අතර ගල්කිරියාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමරශන සිදුකරමින් සිටී.
එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (16) සවස කැකිරාව මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතය.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.